අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් පලා ගිය රැඳවියෙකු මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි නෙළුව , සුදුවැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු බන්ධනාගාර ගත කර ඇත්තේ නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් වන අතර අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .














































