නයගරා දියඇල්ල අසල අමෙරිකා – කැනඩා දේශසීමා මුරපොල ආසන්නයේ සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෝටර් රථයක් තුළ පිපිරීම සිදුව ඇති අතර එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පිපිරීම හේතුවෙන් අමෙරිකා – කැනඩා දේශසීමා තාවකාලිකව වසා දමා තිබේ.
කෙසේවෙතත් පිපිරීම සිදුවුයේ කුමන හේතුවක් මත ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.















































