තුර්කි පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අන්කාරා නුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය හා තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බව සදහන්.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර එම ස්ථානයේ වෙඩිතැබීමක් සිදුව ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.















































