ඉන්දියාවේ කන්නඩ චිත්‍රපට නළුවක් වන නාගභූෂන් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු විසින් අධික වේගයෙන් පදවාගෙන ගිය මෝටර් රථයක ගැටී කාන්තාවක් මිය යෑමේ සිදුවීමක් හේතුවෙනි.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඊයේ (30) රාත්‍රියේ වසන්තපුර ප්‍රධාන මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවත් , මිය ගිය කාන්තාව සහ ඇයගේ සැමියා මාර්ගයේ ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි මොටර් රථය ඔවුන්ගේ ගැටී පසුව මාර්ගය ආසන්නයේ තිබූ විදුලි කණුවක ද ගැටී ඇති බවත් ය.
මියගිය කාන්තාවගේ සැමියා ද අනතුරෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන් වේ.















































