පළාත් කීපයක කර්මාන්ත ප්‍රදර්ශන පැවැත්වීමේ වැඩපිළිවෙල යටතේ යාපනය කර්මාන්ත ප්‍රදර්ශනය හෙට සිට 03 වැනිදා දක්වා දින තුනක් යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව වාර්තා වේ.
රට තුළ ව්‍යාවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීම තුළින් කර්මාන්ත සංවර්ධනය හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් මෙය සංවිධානය කරනු ලබයි.
ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති විවිධ කර්මාන්ත අංශ යටතේ ප්‍රදර්ශන කුටි 300කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කරනු ලබයි.
මෙමගින් නව තාක්ෂණයන් හඳුනා ගැනීම, අලුත් ව්‍යාපාර අවස්ථාවන් හඳුනා ගැනීම, අළෙවි අවස්ථාවන් ලබා ගැනීම, නව නිෂ්පාදන කෙරෙහි යොමුවීම මෙන්ම ලංකාව පුරා ඇති නිෂ්පාදන අඩු මිලට ලබා ගැනීමේ අවස්ථාවද මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීමෙන් ලබා ගත හැකි බවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සඳහන් කර තිබේ.














































