ඔස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාලය හරහා ලොවපුරා මුදල් වංචාවන් සිදුකළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.
මොවුන් සිවු දෙනා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්, ඇඩිලේඩි සහ මෙල්බර්න් හි පදිංචිව ඇති බව සදහන් වේ.
ඔහුන් විසින් 2020 වසරේ ජනවාරි මාසයේ සිට ඔස්ට්‍රේලියානුවන්ගෙන් සහ විදේශිකයින්ගෙන් වංචා කර ඇති මුදල ඩොලර් මිලියන 1.7කට ආසන්න බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
සැකකරුවන් විසින් ඉන්දුනීසියාවේ ව්‍යාපාරයකින් ඩොලර් 100,000 කට ආසන්න මුදල් ප්‍රමාණයක් වංචා කර ඇති බවත් ඔහුන් සන්තකයේ තිබී ව්‍යාජ ගමන් බලපත්‍ර තොගයක් ද ඔස්ට්‍රේලියානු පොලීසිය සිය භාරයට ගෙන ඇති බවයි සදහන් වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම මුදල් වංචාවට සැකකරුවන් හට ගොනුකර ඇති චෝදනාවන් ඔප්පු වුවහොත් ඔහුනට අවම වශයෙන් වසර 60ක සිර දඬුවම් ලැබෙනු ඇති බවයි.















































