චීනයේ නව විදේශ අමාත්‍යවරයා වශයෙන් පත්වූ වැන්ග්යි හට සංචාරයක් සඳහා එක් වන ලෙස ඇමෙරිකාවෙන් නිල ආරාධනාවක් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
නමුත් එම සංචාරය සිදු කරන කාල සීමාවක් හෝ එම ආරාධනාව භාර ගත්තේද නැද්ද යන වග,මේ වන තෙක් දැනුම් දී නොමැති බව සඳහන් වේ .
මේ වන විට චීනය සහ ඇමෙරිකාව අතර එතරම් යහපත් සබඳතාවක් නොමැති අතර එම සබඳතා ප්‍රකෘතිමත් කර ගැනීමේ අරමුණින් මෙම ආරාධනාව සිදු කර තිබෙන බව වාර්තා වේ .















































