පොලිස් සැරයන්වරයෙකුගේ පහර කෑමට ලක්වූ හැටන් ෆෝඩයිස් වතුයායේ සහකාර ක්ෂේත්‍ර නිලධාරිවරයා ප්‍රතිකාර සදහා දික් ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඇතිවූ ආරවුලක් මත පහරදීම සිදුකර ඇත්තේ ඩයගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී සිදු කරන පොලිස් සැරයන්වරයෙකි.
මෙහිදී සැරයන් විසින් නිලධාරියාගේ හිසට පොල්ලකින් පහර දී ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































