ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (12) පවත්වා ඇති අතර ඒ සදහා මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ඇතුළු පිරිසක් එක්ව සිටි බව සදහන්.
මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම වේගවත් කිරීම හා ඉන්ධන හිගය යළි ඇති වීම වැළැක්වීම මෙහි මූලික අරමුණ බව සදහන්.














































