අයිෆෝන් 12 දුරකතන අලෙවිය නවත්වන ලෙස ප්‍රංශය නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ප්‍රමාණය ඉක්මවා විද්‍යුත් චුම්භක විකිරණ විමෝචනය කිරීම හේතුකොට ගෙන මෙම නියෝගය නිකුත් කර තිබේ.
එමෙන්ම පවතින ජංගම දුරකතන නිවැරදි කරන ලෙසද ඔවුන් නියෝග කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් ප්‍රංශ ගුවන්විදුලි සංඛ්‍යාත නියාමනය කරන ඒජන්සිය වන ANFR පැවසුවේ මෙම ආකෘතිය අවසර දී ඇති ප්‍රමාණයට වඩා ශරීරයට අවශෝෂණය වීමට ඉඩ ඇති විද්‍යුත් චුම්භක තරංග වැඩි ප්‍රමාණයක් විමෝචනය කරන බවට පරීක්ෂණයෙන් සොයා ගත් බවයි.
ශරීරය විසින් විද්‍යුත් චුම්භක අවශෝෂණය සඳහා මාදිලියේ සීමාව ඉක්මවා යාම හේතුවෙන් සැප්තැම්බර් 12 සිට ප්‍රංශ වෙළඳපොලෙන් අයිෆෝන් 12 ඉවත් කිරීමට ඇපල් සමාගමට නියෝග කළ බවත් ANFR පවසා තිබේ.














































