නිකවැරටිය පොලිස් වසමේ උස්මියාගාර ප්‍රදේශයේ වෙල්යායක තිබී නාඳුනන නිරුවත් පිරිමි මළ සිරුරක් හමු වී ඇති බව වාර්තා වේ.
මෙලෙස සොයා ගෙන ඇත්තේ ඊයේ(05) දහවල් නිකවැරටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත යි.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ත් 45ක් පමණ වූ උස අඩි 05 පමණ වන සිහින් සිරුරක් හිමි මුහුණේ තැනින් තැන රැවුල වැවී ඇති පුද්ගලයෙක් බව සඳහන්.
මෘත ශරීරය නිකවැරටිය රෝහලේ තැන්පත්කර ඇති අතර නිකවැරටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.