ඊයේ (18) වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙන බව වාර්තා වේ .
මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
පොලීසිය ප්‍රකාශ කරන්නේ මියගොස් ඇත්තේ අවුරුදු 65ත් 70ත් අතර උස අඩි 5යි අඟල් 5ක් වන තලෙළු සාමාන්‍ය සිරුරකින් යුත් කහ පැහැති අත් කොට කමිසයකින් හා අළු පැහැති දිග කලිසමකින් සැරසුණු හිසකෙස් සුදු පැහැ වී ඇති පිරිමි පුද්ගලයෙක් බවයි.
මෘත දේහය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු වත්තල පොලීසිය විසින් සිදු කරනු ලබයි .














































