නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් 2020 සහ 2023 යන කාල පරාසය අතර නිෂ්පාදිත Toyota Yaris පෙට්‍රල් සහ Hybrid වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් නැවත කැඳවීමට Toyota සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.
මෝටර් රථ මාදිලිවල සම්බරතාවය සම්බන්ධයෙන් ඇති වූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස එම අදාළ මෝටර් රථ සියල්ල කැඳවා ඇති බවත් , මෝටර් රථ 7,633 කට ආසන්න ප්‍රමාණයකට ඉන් බලපෑමක් සිදුවන බවත් , අදාළ කාල සීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිතා කරන පුද්ගලයින් සිටී නම් එම රථ පරීක්ෂා කර ගැනීමක් සිදු කර ගත යුතු බවත් Toyota සමාගම වැඩි දුරටත් නිවේදනය කර තිබේ.













































