ආනවිලුන්දා කුලම ප්‍රදේශයේ දී යුද හමුදා කැබ් රථයකට පොල්ලකින් පහර දුන්නේ යැයි කියන තරුණයෝ තිදෙනෙක් අක්කරායන්කුලම් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
බීමතින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අතරවාරයේ හමුදා සෙබළුන් ගමන්ගත් මෙම කැබ් රථයට සැකකරුවන් පොල්ලකින් පහර දී ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
ආනවිලුන්දා කුලම යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව ට උසස් පොලිස් නිලධාරියෙකු පවසයි.














































