ඖෂධ ආනයකරුවන්ට තවදුරටත් රුපියල් බිලියන 13 හිඟ බිල්පත් ගෙවීමට ඇති බවත් , එම බිල්පත් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ඇති බවත් , ඒවා අදියර වශයෙන් මුදා හැරිමට මහා භාණ්ඩාගාරය එකඟ වූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් ඇතැම් ඖෂධ ආනයනකරුවන් ඖෂධ ගෙන්වීමට මැලිකමක් දක්වන බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් ප්‍රකාශ කළේ මේ වනවිට මෙරට අත්‍යවශ්‍ය ඖෂධ හිඟය 161 ක් දක්වා අඩු වී ඇති බවත් , එම සියලු ඖෂධ මේ වනවිට ඇණවුම් කර ඇති බවත් , ඒවා ඉදිරි සති කිහිපය තුළ අදියර කිහිපයකින් මෙරටට ලැබෙනු ඇති බවත් ය.














































