ඊයේ (25) ගල්කිස්ස වෙරළ පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරියන්ගෙන් එක් අයෙකු මෙම ගණිකා නිවාසය පවත්වා ගිය අයෙක් වන අතර අනෙක් කාන්තාවන් දෙදෙනා ගණිකා සේවය සැපයීම වෙනුවෙන් එහි රැඳී සිටි අය බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් කොළඹ 03 , රත්මලාන සහ හාලිඇල ප්‍රදේශයේ පදිංචි 29 , 32 , 45 යන වයස්වල පසුවන්නන් බවත් , මොවුන් අද (26) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.