නුවරඑළිය , රාගල පොලිස් වසමට අයත් ලෝවර් ඩිවිශන් වත්තේ වතුනිවාස පේළියක අද (05) උදෑසන 10ට පමණ හටගත් ගින්නකින් වතු නිවාස 20 පමණ මුළුමනින්ම විනාශයට පත්ව ඇති බවත් , ගින්න ඇති වී තිබෙන අවස්ථාවේ එම නිවාසවල පදිංචිකරුවන් සිය රැකියා සඳහා පිටත්ව ගොස් තිබූ බවත් වාර්තා වේ.
එම දිස්ත්‍රීකයට ඇති වන අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන්වල සිදු වූ විදුලි කාන්දුවකින් මෙම ගින්න හටගන්නට ඇති බව පොලිසිය සැක පල කරන බව වාර්තා වේ.
ගින්න හේතුවෙන් නිවාස අහිමි වූවන් වතු බලධාරීන් විසින් පොදු ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවත් , ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ආදී අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සහ දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කරන බව සඳහන් වේ.