පොදු ප්‍රවාහනය සඳහා භාවිතා කරන, වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මෙම සතියේ බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව පොදු ප්‍රවාහනය සඳහා භාවිතා කරන ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් මෙම ගැසට්ටුව හරහා ලිහිල් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබේ.














































