පසුගිය වසරේ මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගල භූමියේ සිදු වූ අරගලකරුවන්ට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට පියවර නොගත් බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (19දා) ප්‍රතික්‍ෂේප කළ බව වාර්තා වේ .
රයිට් ටූ ලයිෆ් සංවිධානය විසින් ගොනු කර තිබූ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ශමින්ද්‍ර වික්‍රම මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් එම නියෝගය ලබාදී ඇති බව සඳහන් .
මෙහිදී පෙත්සම්කරු එම නිසි කාලසීමාව ඉක්මයෑමෙන් අනතුරුව ගොනුකර ඇති බැවින් එය පවත්වාගෙන යෑමට අවසරදීමේ නීතිමය බලයක් නොමැති බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කර තිබේ.














































