ගම්පහ ප්‍රදේශයේ සතොස ශාඛාවක කීරි සම්බා බව අගවා වෙනත් සහලක් පාරිභෝගිකයෙකුට අලෙවි කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර ඇති බව වාර්තා වේ.
පාරිභෝගිකයෙකු පසුගිය ජනවාරි 26 වන දින ගම්පහ ප්‍රදේශයේ සතොස ශාඛාවකින් කීරි සම්බා කිලෝ 5ක් මිල දී ගෙන ඇති අතර එම සහල් සම්බන්ධයෙන් වූ සැකයක් මත එම පාරිභෝගිකයා විසින් ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා දැවත් කර ඇත.මේ සම්බන්ධයෙන් සෙවීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය දැනුවත් කර ඇති අතර එම නිලධාරීන් විසින් එම ශාඛාවේ අලෙවිය සදහා තබා තිබූ කීරි සම්බා සහල් සාම්පල ලබා ගෙන පරීක්ෂාවට ලක් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ගම්පහ සතොස ශාඛාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව සදහන් .














































