කළුතර මහා පල්ලිය ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
ඒ පිළිබඳව පොලීසියට ලද පණිවුඩයක් මත මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.
එම මළ සිරුර උස අඩි 05යි අඟල් 06ක් පමණ වන සිහින් සිරුරකින් යුතු පිරිමි පුද්ගලයෙකුගේ බවට පොලීසිය පවසයි.
ඔහු උඩුකයට අත්දිග කමිසයක් සහ යටට අළු පාට කොටු සහිත සරමක් හැඳ සිටි බවට පොලීසිය පවසයි.














































