මිහින්තලය පොලිස් වසමේ සිප්පකුලම ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණියක් වගා ළිදකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මිය ගිය තරුණියගේ සහෝදරිය ගවයින් බැලීම සදහා අසළ තිබූ කුඹුරු යායට ගොස් නැවත නිවසට පැමිණෙන විට මිය ගිය තරුණිය නිවසේ සිට නොමැත. පසුව ඒ පිළිබදව පරීක්ෂා කර බැලීමේදී මිය ගිය තරුණිය වගා ළිදට වැටී සිටින බව දැක ඇත.
මෙම මරණය සිදු වූයේ කෙසේදැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර මිහින්තලය පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව ප්‍රකාශ කරයි.














































