ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන සිටින අපරාධකරුවකු වන ලලිත් කන්නන්ගර නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා “බූරුමූණා” නම් අපරාධකරු, හංවැල්ල හරස් පාර ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ අතර එම අපරාධය මෙහෙයවීමේ චෝදනාව මත ලලිත් කන්නන්ගරට රතු නිවේදන ලබාගෙන තිබූ බව සදහන්.
ලලිත් කන්නන්ගර නැමැත්තා ප්‍රදේශයේ වෙළෙන්ඳන්ගෙන් විශාල වශයෙන් කප්පම් ලබාගන්නෙකු සහා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද වන බවට පොලීසිය පවසයි.
ඒ අනුව ඔහුව මෙරටට ගෙන්වා ගැනීම සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.














































