කොළඹ ජාතික රෝහලේ කාමරයක තිබී රාජ්‍ය විරෝධී වැකි සහිත පෝස්ටර් සහ බෑනර් තොගයක් මරදාන පොලිසිය විසින් සොයා ගත් බව වාර්තා වේ.
මෙම කාමරයේ රාජ්‍ය විරෝධී වැකි ලියූ පෝස්ටර් සහ බැනර් 136 තිබී ඇති අතර කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ මහතාගේ දැනුම් දීම මත මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.














































