ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජන හමු කිහිපයක් සඳහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව ඔක්තෝබර් 28 සිට නොවැ. 05 දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගර කිහිපයක මෙම ජන හමු සංවිධානය කර ඇති අතර ලොස්ඇන්ජලිස් ගුවන් තොටුපළේ දී ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමිවූ බව සඳහන් .