මාර්ග අලුත්වැඩියාව සදහා වසා දැමූ අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන මාසයේ යළි ආරම්භ කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව යළිත් දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිත බව සදහන්.
මාර්ගය ප්‍රතිසංස්කරණයත් සමග එම කොටසේ දුම්රිය ධාවනය පැයට කිලෝමීටර් 100ක් දක්වා වේගයෙන් ගමන් කිරීමට හැකිවනු ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.