ආණ්ඩුවේ ඉන්න බැරි ඕන කෙනෙක් යන්නැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම් ගන්න පෝලිමක් සිටිනා බවත් එහා පැත්තේ ඕනතරම් සීට් තියන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී .
වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ,
” මාසයක් තිස්සේ මේ රටේ ක්‍රිකට් කියමින් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන ක්‍රියාවලියක් සිදු වුණා. මේ ආණ්ඩුව හැදුණේ කවුරුත් එකතුවෙලා .ආණ්ඩුව පණ ගහලා යන්න තියෙන වෙලාවේ ආණ්ඩුව කඩලා දාන්න වැඩපිළිවෙළක් තියෙනවා. තමන්ට ඇමතිකම දුන්න නම් ඒකෙ කොන්ද පණ ඇතිව වැඩ කරන්න ඇමතිට පුළුවන්කම තියෙන්න ඕන. ජනාධිපති ගැන සැකයක් තිබෙනවා නම් එක කැබිනට් එකේ ඉන්න බෑ.එක ගෙදර ගෑනිටයි මිනිහටයි විශ්වාසයක් නැතිනම් ඉවත් වෙන්න ඕන. “














































