ඇමෙරිකාවේ නිව් යෝර්ක්හි මහල් රථ ගාලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු තුවාල ලබා දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මහල් තුනකින් යුතු මෙම රථ ගාලෙහි දෙවෙනි මහල ප්‍රථමයෙන් කඩා වැටීම නිසා රථ ගාලෙහි තිබූ මෝටර් රථ රැසකට අලාභ හානි සිදු වී ඇති අතර මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා රොබෝ සහ ඩ්‍රෝන තාක්ෂණය යොදා ගෙන ඇති බව සඳහන්.
මෙසේ මහල් රථ ගාල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.















































