ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අයවැය සහය ලබා දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (AMD) අද (29) ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණය මුදලකට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මගින් රට වෙනුවෙන් ලබා දෙන පුළුල් මූල්‍ය ආධාර පැකේජයක කොටසක් බව සඳහන් කර තිබේ.














































