අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙකුට සහ රාජ්‍ය ආයතන සභාපතිවරු හයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්.එම්.ඩබ්ලිව්.එස්.සමරදිවාකර සඳහා ද , කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස යමුනා පෙරේරා සඳහා ද , මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ සඳහා ද , ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මහාචාර්‍ය එස්.ආර්.ඩී.රෝසා සඳහා ද , ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස රත්නසිරි කලුපහන සඳහා ද , ඉංජිනේරුමය කාර්‍යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්‍යාංශයේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු ඒ.ගල්කැටිය සඳහා ද , ප්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩලයේ සභාපතිවරිය ලෙස ස්ටෙලා මාරපන සඳහා ද , ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්න සඳහා ද පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.
එමෙන්ම මෙම උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය 12 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ බව වාර්තා වේ.