මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හලාවත , කොට්ටරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරු 37 හැවිරිදි වර්ණකුලසූරිය නිලංග මනෝජ් ප්‍රනාන්දු නැමැති අයෙකි.
පසුගිය 18 වන දින අමාත්‍යාංශ කාර්‍යමණ්ඩල නිලධාරියෙකුට දුරකථන ඇමතුමකින් අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පසුගිය 19 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. මීට පෙර ද මහජන ආරක්ෂක අමාත්‍ය සම්බන්ධීකරන ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් පොලිස් නිලධාරීන්ට බලපෑම් කර තිබුණි.
සැකකරු ඊයේ (20) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගෙන ඇති අතර ඉදිරියේදී සමථයක් සඳහා සූදානම් බව අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරි බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිඳු කෙරෙන බව සඳහන්.














































