2023 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,000 සීමාව ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසා තිබේ.
ඒ අනුව ඊයේ(27) වන විට 2023 වර්ෂයේ ඩෙංගු රෝගීන් 75,377ක් වාර්තා වී ඇති බව සදහන් .
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 15,953 කි. බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් 35,553ක් වාර්තා වී ඇති අතර එය පළාත අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව වේ.
එමෙන්ම නොවැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 6,884ක් වාර්තා වී ඇති අතර ඩෙංගු රෝගයෙන් මිදීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබේ .















































