පස්සර – මීදුම්පිටිය ප්‍රදේශයේ වෙළෙදසැලක් පරීක්ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදීමක් සිදුව ඇති බව වාර්තා වේ.
වෙළෙදසැලක හිමිකරුගේ පුත්‍රයෙකු විසින් ඊයේ දහවල් මෙම පහරදීම සිදුකර ඇති අතර තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ වනවිට පස්සර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි පස්සර – මීදුම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.














































