ජනමාධ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව 2023’ සඳහා අයදුම්පත් ලබන ඔක්තෝබර් මස 11 වැනි දින හෝ ඊට පෙර යොමු කළ හැකි බවට එම අමාත්‍යංශය නිවේදනය කර ඇති බව වාර්තා වේ.
විද්‍යුත් සහ මුද්‍රිත පිළිගත් මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවය කරන වයස අවුරුදු 18 ත් 55 ත් අතර ස්ථිර, නිදහස්, ප්‍රාදේශීය සහ වෙබ් යන මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය තාක්‍ෂණික ශිල්පීන්ට මෙයට අයදුම්කළ හැකි බවත් උපාධි සහ පශ්චාත් උපාධි සඳහා උපරිම ලක්‍ෂ 2ක් සහ දිගුකාලීන සහ කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා උපරිම රුපියල් ලක්‍ෂයක් ගෙවන බවත් එම අමාත්‍යංශය පවසයි.













































