දාරළුව ප්‍රදේශයේ තිබී ඇමැති බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව යැයි පවසමින් හොර රහසේ කපා වළ දැමූ පඬුකරඳ ගස (කෲඩියා සෙලනිකා) ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක ඉදිරියේ ඊයේ ( 28) පස්වරුවේ ගොඩ ගෙන තිබෙන බව වාර්තා වේ .
පසුව එය ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ රෝපණය කිරීමට කටයුතු කර ඇති අතර ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙහිදී මෙම නඩුව ඉදිරියට පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ . ගම්පහ අතිරේක දිසා වන නිලධාරීවරයා පවසා ඇත්තේ වන සංරක්ෂණ ජනරාල්වරයාගේ උපදෙස් ලබාගෙන නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට කටයුතු කරන බවයි.
ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක ගස වලදමා ඇති ස්ථානයට ගොස්, ගස ගොඩගැනීමට කටයුතු කරන ලෙසට නියෝග කිරීමෙන් අනතුරුව බැකෝ යන්ත්‍ර උපයෝගී කර ගෙන ගස ගොඩ ගත් බව සඳහන් .
පසුව විශාල ටිපර් රථයකින් එය ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට රැගෙන ගොස් පස්වරු 4.30 ට පමණ උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂිකාවගේ නිරීක්ෂණය යටතේ නැවත රෝපණය කළ බව වාර්තා වේ .














































