විදේශ රැකියා සම්බන්ධයෙන් ක්‍රියාකාරී රාජ්‍ය ආයතනයක පුහුණු අභ්‍යාසලාභීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අතර ඊයේ (13) දහවල් රත්නපුර නගරයේ සෙන්ලුක්ස් හන්දිය ආසන්නයෙන් එම බස් රථයට ගොඩ වූ පුද්ගලයෙකු විසින් එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් එම චාරිකාවේ නිරත වූ පිරිස භාරව කටයුතු කළ නිලධාරිනිය ඇතුළු කාන්තාවන් හය දෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අධිකරණයට දිරිපත් කිරීමට නියමිත බවත් , මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු රත්නපුර පොලිසියේ අපරාධ අංශය මඟින් සිදු කරන බවත් සඳහන් වේ.














































