ඊයේ (16) නුවර එළිය බස් නැවතුම්පොළ පිටුපස පිහිටි උද්‍යාන මාර්ගයේ ගමන් ගත් තරුණියක සතුව තිබූ රුපියල් 40,000ක් පමණ වටිනා ජංගම දුරකථනයක් පුද්ගලයෙකු විසින් පැහැරගෙන පලා යන අවස්ථාවේදී එම සැකකරු අල්ලා ගෙන ඒ අවට සිටි පිරිසක් විසින් පහර දී ඇති බවට වාර්තා වේ. දුරකථනය පැහැරගෙන යන අවස්ථාවේදී තරුණිය විසින් කෑ ගසා ඇත. එම අවස්ථාවේ ඒ අවට සිටි පිරිසක් විසින් සැකකරුව හඹා ගොස් අල්ලා ගෙන පහර දී ඇති අතර පසුව පොලීසිය වෙත භාර දුන් බව සදහන් වේ.
මෙම සැකකරු නුවර එළිය , කලුකැලේ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක් බව වාර්තා වේ.
 
	    	



























 
		    

















