English
සිංහල
02:20 සෙනසුරාදා, ඔක්තෝබර් 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අවුරා ලංකා තාඹුගල කියන්නේ දූෂිතයෙක්.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රාජාංගණය යාය 18 ගමේ රේඩියෝ ටීවී රෙපෙයාර් කරමින් හිටපු තාඹුගල කෝටිපතියෙකු වුනේ කොහොමද? ‘අවුරා ලංකා‘ තාඹුගල කියන්නේ දූශිතයෙක්… ‘අවුරා ලංකා‘ නීතිවිරෝධී කෝමාරිකා ව්‍යාපෘතිය සංගීත සංදර්ශන හරහා ජනගත කරන්න හදනවා… සියලු තොරතුරු මෙන්න..

    අනුරාධපුරය, රාජාංගණය යාය 18 ප්‍රදේශයේ කෝමාරිකා වගා කිරීමක් සම්බන්ධයෙන් පරිසර ක්‍රියාකාරීන් පිරිසක් සහ අවුරා ලංකා සමාගම සමග ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට යළි කතාබහට ලක්වී තිබේ.

    පරිසර ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ, කිසිදු නීතිමය අවසරයකින් හෝ පරිසර අධ්‍යයන වාර්තාවකින් තොරව අදාළ සමාගමට මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා 2021 අගෝස්තු මස 30 වෙනිදා කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි.

    අවුරා ලංකා සමාගමේ ඉතිහාසය

    චන්දික විරංජිත් තාඹුගල විසින් හිමිකාරිත්වය දරනු ලබන අවුරා ලංකා සමූහ ව්‍යාපාරය මාලඹේ, තලංගම උතුර, උඩවත්ත පාර යන ලිපිනයේ පිහිටා තිබේ. සමාගම ලියාපදිංචි කර ඇත්තේ 2018 වසරේ ජුලි මස 26 වෙනිදා ය.

    මෙම සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගම් කිහිපයක් ඇතුළත් වේ.

    අවුරා ලංකා හර්බල්ස්, අවුරා ලංකා ජෙම් ඇන්ඩ් මියුසියම්, අවුරා ලංකා සිකියුරිටි, අවුරා ලංකා එයාර්ලයින්ස්, අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට්, අවුරා ලංකා කන්ස්ට්‍රක්ෂන්, අවුරා ලංකා ස්පෝර්ට්ස් සහ අවුරා ලංකා ඉවෙන්ට් මැනේජ්මන්ට් යන සමාගම් ඊට අයත් ය.

    අවුරා ලංකා සමූහ ව්‍යාපාරය මෙරට තුළ බොහෝ කොටම ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ ඊට අයත් අවුරා ලංකා එන්ටර්ටේට්මන්ට් විසින් සංවිධානය කරන සංගීත සංදර්ශන සහ සැණකෙලි හේතුවෙනි.

    2022 වසරේ ජූනි මාසයේ අනුරාධපුරය, රාජාංගනය යාය -18 ගම්මානයේ දී අවුරා ලංකා මියුසිකල් ෆෙස්ටිවල් සහ සැණකෙළියේ පළමු ප්‍රසංගය පැවැත්විණි.

    එහි නමවන ප්‍රසංගය ඉකුත් ජුලි මස 10 වෙනිදා සිට 24 වෙනිදා දක්වා එහිදීම පැවැත්විණි.

    මෙම සංගීත ප්‍රදර්ශනයන්ට අමතරව අවුරා ලංකා සමාගම විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන සිටින අතර ඊට මේ වන විට පරිසර ක්‍රියාකාරීන් දැඩි විරෝධයක් එල්ලකොට තිබේ.

    කවුද මේ අවුරා ලංකා ‘ඩොක්ටර් තාඹුගල’ කියන්නේ?

    1979 වර්ෂයේ අගෝස්තු මස 18 වෙනිදා වතුපිටිවල ප්‍රදේශයේ දී තාඹුගල අතුකෝරලාගේ විමලසිරි සහ ගෝනාපීනුවල විතානගේ නයනා විදර්ශනී යුවලට, තාඹුගල අතුකෝරලාගේ චන්දික විරංජිත් තාඹුගල උපත ලබන්නේ ය.

    ආර්ථික අපහසුතා හේතුවෙන් පාසැල් අධ්‍යාපන පහ ශ්‍රේණිය දක්වා පමණක් ලබා ඉන්පසු පිරිවෙන් අධ්‍යාපනයට යොමු වූ බව චන්දික විරංජිත් තාඹුගල මීට පෙර සමාජ මාධ්‍ය නාලිකා සමග පැවති සම්මුඛ සාකච්ජාවල දී පවසා තිබේ.

    එමෙන්ම ඔහු හෙළ වෛද්‍යවරයෙක් බවත්, ඔහුගේ මුල් ගුරුවරයා වන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින්වහන්සේ බවත්, ඉන්පසු ඔහුගේ බිරිඳගේ පියාගේ මඟ පෙන්වීම මත අවුරුදු 14 සිට හෙළ වෙදකම හදාරා ඇති බවත් ඔහු විසින් පවසා තිබේ.

    අවුරා ලංකා කෝමාරිකා වගාවට එරෙහිව පරිසර ක්‍රියාකාරීන් හඬ නගන්නේ ඇයි?

    2021 වසරේ අගෝස්තු මස 30 වෙනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 6%ක ප්‍රමාණයක් කෝමාරිකා වගා කිරීම සඳහා අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට ලබා දී තිබෙන බව, ඉඩම් හා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පර්යේෂක, ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

    හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් සංදේශයකට අනුව අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 104,066ක් වසර 30ක දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇතැ යි ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර පැවසුවේ ය.

    මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබාදීම අනුමත කිරීමට පෙර කැබිනට් මණ්ඩලය විසින් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධව තාක්ෂණික වාර්තාවක් හෝ ශක්‍යතා වාර්තාවක් කැඳවීමට අපොහොසත්ව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

    “නීතිවිරෝධීව ආරම්භ කරන්න හදපු කෝමාරිකා වගා කිරීමේ ව්‍යාපෘතිය ජනගත කරන්න හදන්නේ ඔය සංගීත ප්‍රදර්ශනය හරහා. මේකෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට විශාල බලපෑමක් එල්ල වෙනවා. අලි – මිනිස් ගැටුම් වැඩි වෙන එක, වැව්වල ජල පෝෂක නැතිව ගිහිල්ලා, කෘෂිකර්මාන්ත භූමි ප්‍රමාණය අඩුවෙනවා. ඒ කියන්නේ ආහාරවලට ලොකු බලපෑමක් එල්ල වෙනවා.

    “ඒ වගේම මේක ඇත්ත ව්‍යාපෘතියක් නෙමෙයි. 2020 දී හදල තිබ්බ ව්‍යාපෘති වාර්තාවේ තිබ්බේ ඩොලර් මිලියන 375ක් කියලා. නමුත් 2021 වසරේ කැබිනට් පේපර් එක දානකොට ඒක ඩොලර් මිලියන හත්සිය ගානකට වැඩි වෙනවා. එතකොට මේක කිසිදු සැලසුමකින් තොර ආයෝජනයක්. මේ වගේ පුද්ගලයෙකුට එහෙම ආයෝජනයක් කරන්න පුළුවන් ද කියන එක බලන්න ඕන. ඔය වගේ සිදුවීම් ගණනාවක් එක්කයි අපි මේකට මැදිහත් වෙන්නේ,” සජීව චාමිකර පැවසුවේ ය.

    ‘ එක රැයෙන් ඩොලර් මිලියන 423ක් පැටවු ගැහුවා’

    අවුරා ලංකා සමාගම විසින් අනුරාධපුරය දිස්ත්‍රික්කය තුළ සිදුකිරීමට සැලසුම් කළ කෝමාරිකා වගා ව්‍යාපෘතිය මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති බව එම සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කළ අතුකෝරලාගේ දොන් විජයදාස බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ ය.

    “මම අවුරුදු හතරහමාරක් අවුරා ලංකා සමාගමේ හිමිකරු සමග බොහොම ළඟින් වැඩ කරපු කෙනෙක්. මම යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගියාට පසු ඔහු මාව සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට සේවයට බඳවා ගත්තා 2018 ජනවාරි මාසයේ දී.

    “කෝමාරිකා හිටවනවා කියලා අපිත් එක්ක කියලා ගමක් ගමක් ගානේ ගිහිල්ලා මේ වැඩ කටයුත්ත ආරම්භ කළේ. නමුත් මැද හරියේ දී මට තේරුණා මේක සම්පූර්ණයෙන් බොරුවක් කියලා. ඔහු තමන්ගේ විදෙස් රාජ්‍ය නායකයින් සමග තියෙන සම්බන්ධකම් වගේම ඉන්දියාවේ අක්කර 25,000ක කෝමාරිකා වගා කරන්න යන බව කිව්වා. අපි ඒ කතා ගොවියට කිව්වා. එතකොට අපි ගොවියට බොරුකාරයෙක් වුණා,” ඔහු පැවසීය.

    “2018 වසරේ දී අනුරාධපුරයේ පාම් ගාර්ඩ්න් හෝටලයට අවුරා ලංකා සමාගමේ සභාපති ප්‍රාදේශීය ලේකම්වරුන් 22 දෙනා එකතු කළා. මේ ව්‍යාපෘතිය මුලින්ම පටන් ගන්න යන ගාන හැටියට කිව්වේ ඩොලර් මිලියන 370ක් කියලා. ව්‍යාපෘති වාර්තා හදලා, ඔක්කොම වාර්තා හදලා දැනුවත් කිරීම් කළා. ඒ අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරුන් 22 දෙනාට අමතරව වනජීවී, වන සංරක්ෂණ, වාරිමාර්ග අධ්‍යක්ෂකලා සහ පුරාවිද්‍යා එකේ නිලධාරින් පවා හිටියා.

    “එතනදී එයා මෙහෙම කතාවක් කිව්වා, ‘මගේ සල්ලි හින්දා තමයි මේ රට ඇදගෙන යන්නේ. මට කෝමාරිකා හිටවන්න අවසර නොදුන්නොත් මේ සල්ලි ටික මම හෙට උදේට වෙන රටකට ට්‍රාන්සර් කරනවා’ කියලා බය කළා. අපිත් හිතුවා මේක ඇත්තක් වෙන්න ඇති කියලා. මොකද ප්‍රාදේශීය ලේකම්වරුන් ඉස්සරහනේ මේක කිව්වේ,” ඔහු පවසයි.

    “කොහොම හරි ඔය ව්‍යපෘති වාර්තාවේ පොඩි ප්‍රශ්නයක් මතුවුණා. ඒ වාර්තාව අනුව ෆැක්ටරි එකක් ගහන්න ඕන, තට්ටු 27 ක බිල්ඩිමක් හදන්න ඕන, ඉස්කෝල හදලා, ඩෑම් හදලා, ඉඩම් අක්කර 104,066ක් තියනවා. ඒකෙන් එක අක්කරයක් ලක්ෂ 20 ගානේ වියදම් කරලා හදන්න තියනවා. කිරි හරක් ලක්ෂ 10කුත් ඕකෙන් දෙනවා. ඔය ඔක්කොම කරන්න ව්‍යාපෘති වාර්තාවේ හැටියට තිබ්බේ ඩොලර් මිලියන 370 යි.

    “මට රාජකාරි පැවරුනේ මනුකවිලච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තමයි. මම දවසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ෆයිල් එකක් අරන් ගියාම ප්‍රාදේශීය ලේකම් සේනාරත්න මහත්තයා කිව්වා ‘ඩොලර් මිලියන 370කින් කොහොමද මේක හදන්නේ? මම ගෙදර ඉද්දි කැල්කියූලේටර් එකෙන් ගණන් හදලා බැලුවා, ඒ ඩොලර් මිලියන 370න් කිරි හරක් ලක්ෂ 10වත් ගන්න බැහැනේ කියලා. ඊට පහුවෙනිදා මම බෝර්ඩ් මීටින් එකේදී ඔය ගැන තාඹුගල මහත්තයට කිව්වා. එතන දී ඔහු කිව්වා විජේදාස මහත්තයා ඔයාට කියන්න තිබ්බනේ මේක අපි අදියරෙන් අදියරේට කරන්න යන්නේ කියලා.

    “මම තර්ක කළා අපි මිනිස්සුන්ට කිව්වේ නැහැනේ අදියරෙන් අදියරේ මේක කරන්නේ කියලා. එහෙම කිව්වට පස්සේ එතැන හිටපූ ව්‍යාපෘති කළමණාකාරවරයා එක්කන් එතුමා කොළඹ ගෙදර එක්කන් ගියා.”

    “ගිහිල්ලා අර ඩොලර් මිලියන 370 ප්‍රොජෙක්ට් රිපෝට් එක දවස් දෙකක් ඇතුළත ඩොලර් මිලියන 783කට හැදුවා. ඊට පස්සේ ගොවීන් සහ රජයේ නිලධාරීන් දැනුවත් කරන්න කියලා, අපිට දීලා තිබ්බ ඩොලර් මිලියන 370 ප්‍රොජෙක්ට් රිපෝට් ටික එයා එකතු කරන් අලුත් වාර්තා ටික අපිට දුන්නා. අර කිරි හරක් සිද්ධියෙන් තමයි ඕක එළියට ආවේ. එතකොට මට සැක හිතුනා මෙතන මොකක් හරි සිද්ධ වෙනවා කියලා. මොකද එක රැයෙන් ඩොලර් මිලියන 423ක් පැටවු ගැහුවා. දැන් අර මුලින් දුන්න ඩොලර් මිලියන 370 ප්‍රොජෙක්ට් රිපෝට් තවම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල තියනවා,” අවුරා ලංකා හිටපු අධ්‍යක්ෂවරයා පැවසුවේ ය.

    ගම්වැසියන්ගෙන් චෝදනා


    රාජාංගණය යාය 18 ගමේ රේඩියෝ ටීවී රෙපෙයාර් කරමින් හිටපු තාඹුගල කෝටිපතියෙකු වුනේ කොහොමද? ‘අවුරා ලංකා‘ තාඹුගල කියන්නේ දූශිතයෙක්… ‘අවුරා ලංකා‘ නීතිවිරෝධී කෝමාරිකා ව්‍යාපෘතිය සංගීත සංදර්ශන හරහා ජනගත කරන්න හදනවා… සියලු තොරතුරු මෙන්න..


    අනුරාධපුරය, රාජාංගණය යාය 18 ප්‍රදේශයේ කෝමාරිකා වගා කිරීමක් සම්බන්ධයෙන් පරිසර ක්‍රියාකාරීන් පිරිසක් සහ අවුරා ලංකා සමාගම සමග ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට යළි කතාබහට ලක්වී තිබේ.

    පරිසර ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ, කිසිදු නීතිමය අවසරයකින් හෝ පරිසර අධ්‍යයන වාර්තාවකින් තොරව අදාළ සමාගමට මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා 2021 අගෝස්තු මස 30 වෙනිදා කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි.

    අවුරා ලංකා සමාගමේ ඉතිහාසය


    චන්දික විරංජිත් තාඹුගල විසින් හිමිකාරිත්වය දරනු ලබන අවුරා ලංකා සමූහ ව්‍යාපාරය මාලඹේ, තලංගම උතුර, උඩවත්ත පාර යන ලිපිනයේ පිහිටා තිබේ. සමාගම ලියාපදිංචි කර ඇත්තේ 2018 වසරේ ජුලි මස 26 වෙනිදා ය.

    මෙම සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගම් කිහිපයක් ඇතුළත් වේ.

    අවුරා ලංකා හර්බල්ස්, අවුරා ලංකා ජෙම් ඇන්ඩ් මියුසියම්, අවුරා ලංකා සිකියුරිටි, අවුරා ලංකා එයාර්ලයින්ස්, අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට්, අවුරා ලංකා කන්ස්ට්‍රක්ෂන්, අවුරා ලංකා ස්පෝර්ට්ස් සහ අවුරා ලංකා ඉවෙන්ට් මැනේජ්මන්ට් යන සමාගම් ඊට අයත් ය.

    අවුරා ලංකා සමූහ ව්‍යාපාරය මෙරට තුළ බොහෝ කොටම ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ ඊට අයත් අවුරා ලංකා එන්ටර්ටේට්මන්ට් විසින් සංවිධානය කරන සංගීත සංදර්ශන සහ සැණකෙලි හේතුවෙනි.

    2022 වසරේ ජූනි මාසයේ අනුරාධපුරය, රාජාංගනය යාය -18 ගම්මානයේ දී අවුරා ලංකා මියුසිකල් ෆෙස්ටිවල් සහ සැණකෙළියේ පළමු ප්‍රසංගය පැවැත්විණි.

    එහි නමවන ප්‍රසංගය ඉකුත් ජුලි මස 10 වෙනිදා සිට 24 වෙනිදා දක්වා එහිදීම පැවැත්විණි.

    මෙම සංගීත ප්‍රදර්ශනයන්ට අමතරව අවුරා ලංකා සමාගම විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන සිටින අතර ඊට මේ වන විට පරිසර ක්‍රියාකාරීන් දැඩි විරෝධයක් එල්ලකොට තිබේ.

    අවුරා ලංකා කෝමාරිකා වගාවට එරෙහිව පරිසර ක්‍රියාකාරීන් හඬ නගන්නේ ඇයි?


    2021 වසරේ අගෝස්තු මස 30 වෙනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 6%ක ප්‍රමාණයක් කෝමාරිකා වගා කිරීම සඳහා අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට ලබා දී තිබෙන බව, ඉඩම් හා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පර්යේෂක, ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

    හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් සංදේශයකට අනුව අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 104,066ක් වසර 30ක දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇතැ යි ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර පැවසුවේ ය.

    මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබාදීම අනුමත කිරීමට පෙර කැබිනට් මණ්ඩලය විසින් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධව තාක්ෂණික වාර්තාවක් හෝ ශක්‍යතා වාර්තාවක් කැඳවීමට අපොහොසත්ව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

    “නීතිවිරෝධීව ආරම්භ කරන්න හදපු කෝමාරිකා වගා කිරීමේ ව්‍යාපෘතිය ජනගත කරන්න හදන්නේ ඔය සංගීත ප්‍රදර්ශනය හරහා. මේකෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට විශාල බලපෑමක් එල්ල වෙනවා. අලි – මිනිස් ගැටුම් වැඩි වෙන එක, වැව්වල ජල පෝෂක නැතිව ගිහිල්ලා, කෘෂිකර්මාන්ත භූමි ප්‍රමාණය අඩුවෙනවා. ඒ කියන්නේ ආහාරවලට ලොකු බලපෑමක් එල්ල වෙනවා.

    “ඒ වගේම මේක ඇත්ත ව්‍යාපෘතියක් නෙමෙයි. 2020 දී හදල තිබ්බ ව්‍යාපෘති වාර්තාවේ තිබ්බේ ඩොලර් මිලියන 375ක් කියලා. නමුත් 2021 වසරේ කැබිනට් පේපර් එක දානකොට ඒක ඩොලර් මිලියන හත්සිය ගානකට වැඩි වෙනවා. එතකොට මේක කිසිදු සැලසුමකින් තොර ආයෝජනයක්. මේ වගේ පුද්ගලයෙකුට එහෙම ආයෝජනයක් කරන්න පුළුවන් ද කියන එක බලන්න ඕන. ඔය වගේ සිදුවීම් ගණනාවක් එක්කයි අපි මේකට මැදිහත් වෙන්නේ,” සජීව චාමිකර පැවසුවේ ය.


    ‘එක රැයෙන් ඩොලර් මිලියන 423ක් පැටවු ගැහුවා’
    අවුරා ලංකා සමාගම විසින් අනුරාධපුරය දිස්ත්‍රික්කය තුළ සිදුකිරීමට සැලසුම් කළ කෝමාරිකා වගා ව්‍යාපෘතිය මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති බව එම සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කළ අතුකෝරලාගේ දොන් විජයදාස බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ ය.

    “මම අවුරුදු හතරහමාරක් අවුරා ලංකා සමාගමේ හිමිකරු සමග බොහොම ළඟින් වැඩ කරපු කෙනෙක්. මම යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගියාට පසු ඔහු මාව සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට සේවයට බඳවා ගත්තා 2018 ජනවාරි මාසයේ දී.

    “කෝමාරිකා හිටවනවා කියලා අපිත් එක්ක කියලා ගමක් ගමක් ගානේ ගිහිල්ලා මේ වැඩ කටයුත්ත ආරම්භ කළේ. නමුත් මැද හරියේ දී මට තේරුණා මේක සම්පූර්ණයෙන් බොරුවක් කියලා. ඔහු තමන්ගේ විදෙස් රාජ්‍ය නායකයින් සමග තියෙන සම්බන්ධකම් වගේම ඉන්දියාවේ අක්කර 25,000ක කෝමාරිකා වගා කරන්න යන බව කිව්වා. අපි ඒ කතා ගොවියට කිව්වා. එතකොට අපි ගොවියට බොරුකාරයෙක් වුණා,” ඔහු පැවසීය.

    “2018 වසරේ දී අනුරාධපුරයේ පාම් ගාර්ඩ්න් හෝටලයට අවුරා ලංකා සමාගමේ සභාපති ප්‍රාදේශීය ලේකම්වරුන් 22 දෙනා එකතු කළා. මේ ව්‍යාපෘතිය මුලින්ම පටන් ගන්න යන ගාන හැටියට කිව්වේ ඩොලර් මිලියන 370ක් කියලා. ව්‍යාපෘති වාර්තා හදලා, ඔක්කොම වාර්තා හදලා දැනුවත් කිරීම් කළා. ඒ අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරුන් 22 දෙනාට අමතරව වනජීවී, වන සංරක්ෂණ, වාරිමාර්ග අධ්‍යක්ෂකලා සහ පුරාවිද්‍යා එකේ නිලධාරින් පවා හිටියා.

    “එතනදී එයා මෙහෙම කතාවක් කිව්වා, ‘මගේ සල්ලි හින්දා තමයි මේ රට ඇදගෙන යන්නේ. මට කෝමාරිකා හිටවන්න අවසර නොදුන්නොත් මේ සල්ලි ටික මම හෙට උදේට වෙන රටකට ට්‍රාන්සර් කරනවා’ කියලා බය කළා. අපිත් හිතුවා මේක ඇත්තක් වෙන්න ඇති කියලා. මොකද ප්‍රාදේශීය ලේකම්වරුන් ඉස්සරහනේ මේක කිව්වේ,” ඔහු පවසයි.

    “කොහොම හරි ඔය ව්‍යපෘති වාර්තාවේ පොඩි ප්‍රශ්නයක් මතුවුණා. ඒ වාර්තාව අනුව ෆැක්ටරි එකක් ගහන්න ඕන, තට්ටු 27 ක බිල්ඩිමක් හදන්න ඕන, ඉස්කෝල හදලා, ඩෑම් හදලා, ඉඩම් අක්කර 104,066ක් තියනවා. ඒකෙන් එක අක්කරයක් ලක්ෂ 20 ගානේ වියදම් කරලා හදන්න තියනවා. කිරි හරක් ලක්ෂ 10කුත් ඕකෙන් දෙනවා. ඔය ඔක්කොම කරන්න ව්‍යාපෘති වාර්තාවේ හැටියට තිබ්බේ ඩොලර් මිලියන 370 යි.

    “මට රාජකාරි පැවරුනේ මනුකවිලච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තමයි. මම දවසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ෆයිල් එකක් අරන් ගියාම ප්‍රාදේශීය ලේකම් සේනාරත්න මහත්තයා කිව්වා ‘ඩොලර් මිලියන 370කින් කොහොමද මේක හදන්නේ? මම ගෙදර ඉද්දි කැල්කියූලේටර් එකෙන් ගණන් හදලා බැලුවා, ඒ ඩොලර් මිලියන 370න් කිරි හරක් ලක්ෂ 10වත් ගන්න බැහැනේ කියලා. ඊට පහුවෙනිදා මම බෝර්ඩ් මීටින් එකේදී ඔය ගැන තාඹුගල මහත්තයට කිව්වා. එතන දී ඔහු කිව්වා විජේදාස මහත්තයා ඔයාට කියන්න තිබ්බනේ මේක අපි අදියරෙන් අදියරේට කරන්න යන්නේ කියලා.

    “මම තර්ක කළා අපි මිනිස්සුන්ට කිව්වේ නැහැනේ අදියරෙන් අදියරේ මේක කරන්නේ කියලා. එහෙම කිව්වට පස්සේ එතැන හිටපූ ව්‍යාපෘති කළමණාකාරවරයා එක්කන් එතුමා කොළඹ ගෙදර එක්කන් ගියා.”

    “ගිහිල්ලා අර ඩොලර් මිලියන 370 ප්‍රොජෙක්ට් රිපෝට් එක දවස් දෙකක් ඇතුළත ඩොලර් මිලියන 783කට හැදුවා. ඊට පස්සේ ගොවීන් සහ රජයේ නිලධාරීන් දැනුවත් කරන්න කියලා, අපිට දීලා තිබ්බ ඩොලර් මිලියන 370 ප්‍රොජෙක්ට් රිපෝට් ටික එයා එකතු කරන් අලුත් වාර්තා ටික අපිට දුන්නා. අර කිරි හරක් සිද්ධියෙන් තමයි ඕක එළියට ආවේ. එතකොට මට සැක හිතුනා මෙතන මොකක් හරි සිද්ධ වෙනවා කියලා. මොකද එක රැයෙන් ඩොලර් මිලියන 423ක් පැටවු ගැහුවා. දැන් අර මුලින් දුන්න ඩොලර් මිලියන 370 ප්‍රොජෙක්ට් රිපෝට් තවම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල තියනවා,” අවුරා ලංකා හිටපු අධ්‍යක්ෂවරයා පැවසුවේ ය.


    ගම්වැසියන්ගෙන් චෝදනා


    අවුරා ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක විරංජිත් තාඹුගල විසින් කෝමාරිකා වගා කිරීමේ ව්‍යාපෘතිය සඳහා නිසි අවසරයක් ලබාගෙන නොමැති බව උතුරු මැද පළාතේ ඉඩම් හා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පළාත් සම්බන්ධීකාරක විමුක්ති ද සිල්වා චෝදනා කර සිටියි.

    අවුරා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා විසින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ හෝ වනජීවී දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව ඔහුට අවශ්‍ය ලෙස ගමේ පිහිටි වැව පවා සංවර්ධනය කළ බවත්, එය පිහිටා ඇත්තේ වනජීවී අභිප්‍රේරණ කලාපයක බවත් ඇය කියා සිටියා ය.

    “මෙම ව්‍යාපෘතිය පටන් ගන්නේ 2018 වසරේ ඉඳන්. මෙයා ගමේ හිටපු මනුස්සයෙක්. ගමේ රේඩියෝ ටීවී රෙපෙයාර් කරමින් හිටපු කෙනෙක්. 2018 අවුරුද්දට කලින් එක පාරටම ගමෙන් අතුරුදන් වෙලා ඉදලා ආපහු එනවා. ඒ එන්නේ අවුරා ලංකා හර්බල් ප්‍රයිවට් ලිමිටඩ් කියන කම්පැනි එකත් එක්ක. එහෙම තමයි ප්‍රවේශය ගන්නේ මේ ව්‍යාපෘතියට.”

    “ඔහු ඇවිල්ලා ගමේ මිනිස්සුන්ට කිව්වා කෝමාරිකා වගා කළොත් අක්කරයකින් මාසෙකට රුපියල් 380,000ක ආදායමක් ලැබෙනවා කියලා. එහෙම කියලා මිනිස්සුන්ගේ ඉඩම් පවරා ගන්නවා ගිවිසුමකින් අවුරුදු 10කට කෝමාරිකා වගා කරන්න කියලා. එහෙම කියලා ඉඩම් අක්කර හැත්තෑ ගණනක් පවරා ගන්නවා. එහෙම පවර ගන්න ඉඩම් සුද්ද කරලා ඩෝසර් කරලා මුලික වශයෙන් පළවෙනි අදියරේ දී ඉඩමකට රුපියල් ලක්ෂය වගේ ගෙවලා තියෙනවා.”

    “ඒ අතරේ රාජාංගනය – යාය 18 ගමේ තියෙන කහඹිලිපිටියාව කියන වැව එයාට ඕන විදිහට ගොවිජන සේවා එකේ අනුමැතියකින් තොරව සංවර්ධනය කර ගන්නවා. මේක තියෙන්නේ විල්පත්තුව දකුණු පැත්තේ ප්‍රේරණ කලාපයේ. එයාට ඕන විදිහට මේක සංවර්ධනය කර ගන්න ගමන් ඔය හරියේ තියනවා ඇලක්, පනංකාඩු ඇල කියලා. ඔහු මේක හරහා වේල්ලක් බඳිනවා. ඒ නිසා වතුර බහින්නේ නැතුව බ්ලොක් වෙලා වනජීවී කාර්යාලය ඇතුළු සෑහෙන භූමි ප්‍රමාණයක් යට වෙනවා. ඊට පස්සේ වනජීවී එකෙන් අර වේල්ල කපලා ඉවත් කරලා මොහුට විරුද්ධව නඩු පවරනවා වනජීවී ප්‍රේරණ කලාපයේ අනවසරයෙන් ඉදිකිරීම් කරන්න බැහැ කියලා නොච්චියාගම අධිකරණයේ. ඒ නඩුව තවම විභාග වෙමින් පවතිනවා,” ඇය පැවසුවා ය.

    “ගිය අවුරුද්දේ ජූනි මාසයේ දී යාය 18 ගමේ පොදු භූමිය භාවිතා කරගෙන පළවෙනි වතාවට අවුරා ලංකා මියුසික් ෆෙස්ටිවල් එක කරනවා. එතකොට කෝමාරිකා වගා කරන එක පටන් අරන් තිබුණේ නෑ. ප්‍රසංගය දවස් 20ක් තියනවා. ඒ වගේම හැමදාම දන්සැල් දෙනවා. මේ සැණකෙළිය පවත්වන ඉඩම්වල හිමිකාරිත්වය තියෙන්නේ ප්‍රාදේශිය ලේකම්වරයාට. මේ වගේ සැණකෙළියක් කරද්දී විනෝද බද්දක් අය කරනවා රජයෙන්. ගිය අවුරුද්දේ දවස් 20ට විනෝද බද්ද විදිහට ගෙවලා තියන්නේ රුපියල් 68,000ක මුදලක් විතරයි.”

    “ඒ වගේම ඔහුට සමාගම් හයක් තියෙනවා කියනවා. ඒවායේ ආදායම් ලැබෙන ක්‍රියාවලිය කොහොමද කියලා කියන්න දන්නේ නැහැ. මොකද කෝමාරිකා ව්‍යාපෘතිය තවම පටන් අරගෙන නැහැ. ඒකට හේතුව, ඕනෑම ව්‍යාපෘතියක් කරද්දී පරිසර ඇගයීම් වාර්තාවක් ගන්න ඕන. ඒක දෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියෙන්. 2018 වසරේ දී මේක පටන් ගන්න යද්දී ඇතිවන ගැටලුත් එක්ක මධ්‍යම පරිසර අධිකාරිය දනුම් දෙනවා විරංජන් තාඹුගලට අදාළ ව්‍යාපෘති වාර්තාව ලබා දෙන්න කියලා. නමුත් මේ වෙනකම් කිසිම ව්‍යාපෘති වාර්තාවක් හෝ ලියවිල්ලක් මධ්‍යම පරිසර අධිකාරියට ලබාදීලා නැහැ.”

    “ඒ වගේම අවුරා ලංකා හර්බල් සමාගම විසින් කෝමාරිකා යොදාගෙන නිෂ්පාදනය කරනවා කියන ඖෂධය මෙරට හෝ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ අපි තවම දැකලත් නැහැ, ඒ ගැන අපට සාක්ෂියක්වත් නෑ,” ඇය ප්‍රකාශ කරයි.

    “එහෙම තියෙද්දී තමයි නවවෙනි වතාවට මියුසික් ෆෙස්ටිවල් එක රාජාංගනය යාය 18 අවුරා ලංකා භූමියේ දී පවත්වන්න සුදානම් වුණේ. මෙතන දී අපි ඇත්තටම විරුද්ධ වුණේ මියුසික් ෆෙස්ටිවල් එකට නෙමෙයි. ඒ හරහා මහජනතාවගේ දේවල් අවභාවිත කරමින් ඉන්න එක සම්බන්ධව යි.”

    “වනජීවී ප්‍රේරණ කලාපය අනිසි ලෙස පාවිච්චි කරමින් සිටිනවා. කිලෝමීටර් 1.6ක් වෙනවා වනජීවී ප්‍රේරණ කලාපය තුළ ස්ටේජ් ගහගෙන මේ වගේ මියුසිකල් ෂෝ කරන්න කිසිම කෙනෙක්ට අවසර ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි, ඔහු ගමේ දී මුලින්ම ප්‍රසංගය පැවැත්වුවේ ප්‍රාදේශීය ලේකම්ට අයිති ඉඩම්වල. නමුත් මේ අවුරුද්දේ ප්‍රසංගය පවත්වන්නේ ඔහුගේම ඉඩමේ. ඒ ඉඩම් තියෙන්නේ වනජීවී ප්‍රේරණ කලාපය තුළ යි,” ඇය චෝදනා කළා ය.

    “එයා මිනිස්සුන්ට පෙන්වන්න හදනව එයා සාධාරණව වැඩ කටයුතු කරන් යනකොට පරිසර සංවිධාන ක්‍රියාකාරීන්, විශේෂයෙන් ගොවින් මේකට විරුද්ධ වෙනවා කියලා.”

    “රාජාංගනයේ ගොවිතැන් කරන මිනිස්සු බොහොම අමාරුවෙන් දැන් ජීවත් වෙන්නේ. එයා කියනව මිනිස්සුන්ට සතුටු වෙන්න මේ ප්‍රසංගය කරන්නේ කියලා.”

    “සැණකෙළිය අතරේ බයිසිකල් නතර කළොත් රුපියල් 200ක් අය කරනවා, හෙල්මට් එකට රුපියල් 200ක් ගන්නවා. එක බයික් එකකින් එයා රුපියල් 600ක් හොයනවා. මිනිස්සුන්ට පෙන්නේ නැති විදිහට ඔහු මුදල් හම්බ කරන්නේ ඔය විදිහට යි.”

    “මේකෙන් මිනිස්සුන්ගේ ගමට ඇතුළ් වෙන්න තියෙන පාර අවහිර වෙනවා. ඒක ගමේ ජනතාවට අවහිරයක් වෙනවා. මේ සංගීත ප්‍රසංගය නිසා පාසැල් ළමුන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වුණා. “

    “ඒ වගේම වනජීවී දෙපාර්තමේන්තුවෙන් මේකට විරුද්ධ වුණා, මොකද අධික ශබ්දය නිසා වන සතුන්ට හිරිහැර වෙනවා කියලා. ඒ වගේම මේ අභිජනන කාල සීමාව නිසා සත්ත්වයින්ගේ බිත්තරවලට හානිවෙන්න පුළුවන් කියන කාරණාව පෙන්වා දී තිබෙනවා. “

    “ඒ වගේම රාජාංගනයේ සමස්ත ගොවී සමිති 64ක් එකාබද්ධව දිගින් දිගටම මොහුට එරෙහිව සිය විරෝධතාවය ප්‍රකාශ කළා. හේතුව තමයි ගොවීන්ට තියෙන අයිතිය සූරාකමින් ඔහුට අවශ්‍ය විදිහට ගමේ වැව පාලනය කිරීම කියන කාරණාව. මේ ව්‍යාපෘතිය නිසා ගොවීන්ට විශාල බලපෑමක් එල්ල කරලා තියෙනවා. වැවෙන් ජලය නිදහස් කිරීම පවා සිදුකරන්නේ ඔහුගේ අභිමතය අනුව යි,” ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

    ‘දැන් ගම කාන්තාරයක් වෙලා’

    මේ අතර, අවුරා ලංකා හර්බල් සමාගමට කෝමාරිකා වගා කිරීම සඳහා ඉඩම් ලබාදුන් කිහිප දෙනෙකු එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත ඔවුන්ගේ ඉඩම් ලබා නොදීමට තීරණය කළ බව, රාජාංගනය – යාය 18 ගම සුරැකීමේ සංවිධානයේ සංවිධායක කිත්සිරි ජයකොඩි බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

    ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වගාබිම් කෝමාරිකා වගාවට බව පවසා බර වාහන යොදාගෙන ඩෝසර් කිරීම නිසා මේ වන විට ඒවා මුඩුබිම් බවට පත්ව ඇති බව ය.

    “ඉඩම් කට්ටි 72ක් ලබා දීලා තිබ්බා මුලින්ම කෝමාරිකා වගාවට. පස්සේ පස් හයදෙනෙක් අයින් වුණා බොරුවක් කරන්නේ කියලා. මේක කරන්න රාජ්‍ය නිලධාරීන් කිසිදු අවසරයක් දීලා නැහැ,” ඔහු පවසයි.

    “කෝමාරිකා වගා කරන්න කියලා මෙයා මෙහෙමයි කරන්නේ. ඇවිල්ලා වතුර දෙන්න කියලා ගමේ ජනතාවගෙන් අත්සන් ගන්නවා ඇලවල් කපන්න කියලා. ඊට පස්සේ මඟක් දුරට වැඩේ කරන් ඇවිල්ලා නතර කරනවා. දැන් ඉඩම් අරන් කෝමාරිකා වගා කරන්න කියලා තුන් පාරක් ඩෝසර් කරලා තියෙනවා. දැන් ඒවා හාරලා මුඩුබිමක් බවට පත් කරලා තියන්නේ. ඊට පස්සේ ඉන්ටර්ලොක් ගල් අක්කර භාගයෙන් භාගෙට වටේම අල්ලනවා. රජයෙන් වියදම් කරලා දාපු මායිම් කණු සියල්ලම ඉවත් කරලා තියෙනවා කිසිම අවසරයකින් තොරව.

    “කෝමාරිකා හිටවලා මාස තුනෙන් රුපියල් 365,000ක් ගානේ මාසිකව ඉඩම් හිමියන්ට දෙනවා කියලා පොරොන්දු වෙලා තිබ්බා. නමුත් දැන් අවුරුදු හතරහාමාරක් වෙනවා කිසිම කෝමාරිකා පැලයක් හිටවලා නැහැ. රට වටේට මියුසිකල් ෂෝ පවත්ව පවත්ව ඉන්නවා. නමුත් පස්සේ මේ ඉඩම් වල ගොවීන්ට වගා කරන්න ලැබෙන්නේ නැහැ. ඒවා මුඩුබිම් වෙලා,” ජයකොඩි චෝදනා කළේ ය.

    “ගම ඇතුළේ තිබ්බ එකමුතු කම පවා නැති කරලා දැන් ගම ඇතුළේ ලොකු ආරවුලක් ඇති කරලා තියෙන්නේ. මිනිස්සු මිනිස්සු අතර තරහින් ඉන්නේ දැන්. අවුරුදු එකහමාරක් අපි මේක ගැන බලා ගෙන ඉදලා ගම සුරැකීමේ සංවිධානය කියලා සංවිධානයක් පිහිටුවා ගෙන මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් යොමු කළා. ඒ වගේම මේ ගැන රටේ එවකට හිටපු ජනාධිපතිතුමා සහ රාජ්‍ය සංවිධාන වලට ලිපි යොමු කළා.”

    “ජනාධිපතිවරයාට යවපු ලිපියට පිළිතුරක් එවලා තිබ්බා, දින 14ක් ඇතුළත මේ ගැන සොයා බලා වාර්තාවක් එවන්න කියලා රාජාංගනය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත දැනුම් දීලා තිබ්බා. එවකට හිටිය ප්‍රාදේශීය ලේකම්වරයා ගමට ආපු නැති විදිහට ජනාධිපතිතුමාට ලිපියක් යවලා තියෙනවා තිරසාර හා ගම සුරැකීමේ සංවිධාන දෙකෙන් කරුණු හොයලා බලලා කරුණු වාර්තා කරන්නම් කියලා.”

    “නමුත් අපි පැමිණිල්ල කලේ අවුරා ලංකා හර්බල් සමාගමට විරුද්ධව යි. එහෙම තියෙද්දී අපෙ ගමේ සමිති දෙකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්න කියලා දැනුම් දුන්නා. අපි ගියේ නැහැ. හේතුව, ගියා නම් ප්‍රශ්නයක් වෙනවා.”

    “පස්සේ මානව හිමිකම් එකට යවපු ලියුමට සියලු රාජ්‍ය නිලධාරීන්ට ලිපි යවලා කරුණු විමසලා තියෙනවා. ඒ අනුව උතුරු මැද පළාත් මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයට මධ්‍යම පරිසර අධිකාරිය, පොලිසිය, වනජීවී දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවලා පරීක්ෂණයක් කළා පැමිණිල්ල සම්බන්ධයෙන්. ඒ අවස්ථාවේ දී ඒ නිලධාරින් කිව්වා මේකට කිසිම අවසරයක් දීලා නැහැ කියලා මේ වෙද්දීත්. නමුත් ඒ වෙද්දී ඉඩම් වල තිබ්බ ගස් කපලා ඒවා වල දමලා ලොකු විනාශයක් කරල ඉවරයි. දැන් මේ පැත්තම කාන්තාරයක් කරලා තියෙන්නේ,” ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

    විමර්ශන ක්‍රියාත්මක යි – පොලීසිය

    අනුරාධපුර, රාජාංගනය – යාය 18 ගම්මානයේ දී අවුරා ලංකා සමාගම පැවැත්වූ දින 14ක සංගීත ප්‍රසංගය ජූනි 23 වෙනිදායින් පසු තවත් දින කිහිපයක් පවත්වාගෙන යෑම සඳහා සිදුකළ ඉල්ලීමට අවසරය ලබා නොදීමට පොලිසිය තීරණය කළේ ය.

    බීබීසි සිංහල සේවය මේ සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමසීමේ දී, වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ සංගීත ප්‍රදර්ශනය හේතුවෙන් ඇති වන ශබ්දය නිසා සතුන්ට හිරිහැර සිදුවන බවට වනජීවී දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම් දීම මත අදාළ ප්‍රසංගය ඉදිරියට පවත්වා ගෙන යෑමට කළ අවසරය පොලිසිය විසින් ප්‍රතික්ෂේප කළ බව යි.

    එමෙන්ම මෙම අවස්ථාවේ දී සංගීත ප්‍රසංගය පවත්වන සමාගමේ හිමිකරු විසින් රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීමක් සිදුකර ඇති බවත්, ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අදාළ හිමිකරු මේ වන විට ඇප මත මුදාහැර ඇති බවත් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

    නියෝජ්‍ය පොලිස්පති ගුණසේකර සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව ය.

    අවුරා ලංකා වෙනුවෙන් පෙරට ආ කලාකරුවන් කියන දේ

    අවුරා ලංකා සමාගම විසින් රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පවත්වා ගෙන යමින් තිබූ සංගීත ප්‍රසංග මාලාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට පොලිසිය විසින් අවසර නොදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඉකුත් ජුලි 26 දා කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණි.

    ඒ සඳහා මහේන්ද්‍ර පෙරේරා, ටී. එම්. ජයරත්න, දයාන් විතාරණ,රූපා ඉන්දුමතී, සුප්‍රියා අබේසේකර, කේ. සුජීවා, රුවන් හෙට්ටිආරච්චි ඇතුළු ගායක ගායිකාවන් සහ රංගන ශිල්පින් එක්ව සිටියේ ය.

    මෙහිදී අදහස් දක්වමින් රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සඳහන් කළේ මෙවන් අදහසකි:

    “අවුරා ලංකා ආයතනය තවත් ව්‍යපෘති ගණනාවක් කරන්න ප්ලෑන් කරගෙන යනවා. ඒවටත් අකුල් හෙළීමක් වෙන්න පුළුවන්. අවුරා ලංකා අධිපතිතුමා යෝජනාවක් ගෙනාවා රාජාංගනය ප්‍රදේශයේ සිටින තරුණ තරුණියන්ගේ දක්ෂතා ඔප්නංවලා කෙසේ හෝ සිනමා කේෂ්ත්‍රයට නළු නිලියන් හැටියට රංගන කාර්යයේ යෙදෙන්න ඒගොල්ලන්ගේ විෂය පථය දියුණු කරලා දැනුමෙන් පොහොසත් කරන්න කියලා.”

    “ඒ අනුව අපි රාජංගනයේ තරුණ තරුණියන් 60ක් විතර ඉන්නවා ඒ වැඩමුළුවේ. විශාල ප්ලෑන්ස් තොගයක් තියෙනවා කරන්න. ඒ ළමයින්ට රංගනය ගැන අධ්‍යාපනයක් දීලා මේ කේෂ්ත්‍රයට යොමු කරන්න සහ ඔවුන් වෙනුවෙන් චිට්‍රපටයක් කරන්න, අධ්‍යක්ෂණය කරන්න විශාල බලපොරොත්තුවක් තිබුණා. ඒ එක ව්‍යාපෘතියක් විතරයි. මේ වැඩමුළුව සම්පුර්ණයෙන් නොමිලේ කරන්නේ.”

    “ඒ වගේම කුඩා ළමුන්ව සෞන්දර්ය ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ලබා දෙන්න වැඩමුළුවක් පටන් ගන්න අපි සැලසුම් කළා. ඒකට ළමුන් 600ක් විතර ඇවිල්ලා හිටියා. ඒ අවස්ථාවේ දී අවුරා ලංකා සමාගමේ සභාපතිතුමා කිව්වා සෑම ළමයෙක්ම දහම් පාසැල් යන්න ඕන කියලා. මම ඒ ළමයි එක්ක සතුටින් වැඩකරනවා. මටත් යහපත් ගෙවීමක් සිදුකරනවා. මොකද පහුගිය කාලේ අපට ජීවත් වෙන්න විදිහක් නැතිව දඟල දඟලා හිටියේ,” ඔහු පැවසීය.

    “මේ සංගීත ප්‍රසංගය නීතියට අනුව කටයුතු කළා. රාත්‍රි 12.00 ට නතර කරන්න කියද්දී ඒක ඒ විදිහටම කළා. මේ ප්‍රසංගය බලන්න ආපු හැමෝම සතුටු වුණා. නමුත් අවුරා ලංකා සමාගමේ සභාපතිතුමා මේ සියල්ල කළේ ලාභයක් බලාගෙන නෙමේ. සියල්ලම නොමිලේ කළේ. ඒක ගැන පොඩි වේදනාවක් තියෙනවා. ඒවා ගැන කතා කරලා තීරණය කරන්න තිබුනා එකවරම මේක නතර කරන්නේ නැතුව,” රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් පැවසුවේ ය.

    ‘මට තේරෙන්නේ නැහැ මොකක්ද ප්‍රශ්නය කියලා’ – තාඹුගල

    චන්දික විරංජිත් තාඹුගල බීබීසි සිංහල සේවයට පැවසුවේ, ඔහුට එරෙහිව අසත්‍ය චෝදනා නැගීම සහ රාජාංගනයේ යාය 18 ප්‍රදේශයේ පැවති අවුරා ලංකා සංගීත ප්‍රසංගය අතරමඟ නතර කිරීමට නියෝග කළේ ඇයි ද යන්න ඔහුට ද ගැටලුසහගත බවකි.

    “අපිටත් තියෙන ප්‍රශ්නය තමයි ප්‍රසංග නතර කරන්න කිව්වේ ඇයි කියන එක. සංචාරක කර්මාන්තය, මෙච්චර මිනිස්සුන්ට ආර්ථිකයක් එන වැඩපිලිවලක් යටතේ මේ කෙරෙන කාර්යයක් නතර කරන්න තියන උවමනාව මොකක්ද කියන එක මටත් තියෙන ප්‍රශ්නයක්. මම ඒක ප්‍රශ්න කරන්න ගිය එක තමයි රාජාංගනය පොලිස් ස්ථානාධිපතිතුමා එක්ක බහින්බස් වීමක් ඇති වුණා කියලා මට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරලා තියෙන්නේ. මම නඩුවට පෙනී හිටියා, මට ඇප ලැබුණා.”

    “රාජකාරියේ යෙදී සිටින නිලධාරියෙක්ට මම බැන වැදුණා නම් ඔහුට මට විරුද්ධව රාජකාරිය කරන්න පුළුවන් ඕනෑම වෙලාවක. ඒකෙන් පෙනී යනවා මාව අපහසුතාවට පත් කරන්න කරපු දෙයක් මේක, කීර්තියක් තියන නම නැති කරන්න. මම කොයිම වෙලාවකවත් ඒ වගේ වැඩ කරන්නේ නැහැ. රාජකාරි කරන ස්ථානාධිපතිවරයාට පුළුවන් ඕනෑම වෙලාවක එහෙම දෙයක් කළා නම් අත්අඩංගුවට ගන්න, පොලිස් බලතල තියෙනවා.”

    “මට තේරෙන්නේ නැහැ මොකක්ද ප්‍රශ්නය කියලා මෙච්චර මිනිස්සුන්ට ආර්ථිකයක් එන සැලැස්මක්, සංචාරක ආකර්ෂණය එන මේකට තියෙන බාධාව මොකක්ද කියලා. මගේ ප්ලෑන් එක ලෝකයේ ලොකුම ෆෙස්ටිවල් එක නිර්මාණය කරන එක” ඔහු පැවසීය.

    මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාළ පාර්ශව වෙතින් කෝමාරිකා වගාවට අවසර ලබාදී තිබේදැ යි විමසූ විට ඔහු මෙසේ පැවසීය:

    “ඇත්තටම එක් එක් ගොවියාගේ දේ වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් අපි අවසර අරන් තමයි වැඩ කළේ. නමුත් මේ පරිසර සංවිධාන යැයි කියා ගන්නා පිරිසක් කියා සිටිනවා මේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකටම ශක්‍යතා වාර්තාවක් කරන්න ඕන කියලා.”

    “අපි කම්පැනි එකක් වශයෙන් ඉඩම් අරන් නෙමෙයි කරන්නේ. වෙන වෙනම ගොවියට මම ආයෝජනය කරන්නේ. ඉතින් මේක ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීමක් නෙමෙයි, මේක වගා කටයුත්තක්. මොකද බඩ ඉරිඟු වගා කරන්න වාර්තා ගන්නේ නැහැනේ. මම හිතන්නේ මේකත් මේ සංවිධානවලින් බොරුවට කරන චෝදනාවක්. ඒ නිසා මගේ කෝමාරිකා ව්‍යාපෘතියෙන් පරිසරයට කිසිම හානියක් සිදුවන්නේ නෑ. මේ වෙනකොට කෝමාරිකා ව්‍යාපෘතිය බොහොම මන්දගාමීව සිදුකරන්නේ. නිත්‍යානුකූල ඉඩම්වල අයිතිය තවම ලැබිලා නෑ.”

    “පරිසර සංවිධානවලින් කියන්නේ සම්පූර්ණ අසත්‍යයක්. එයාලට ඕන මිනිස්සු හැම තිස්සෙම ප්‍රශ්නවලින් ජීවත් වෙනවා දකින්නයි. එයාලා හරි පැත්තක් දකින්නේ නෑ,” චන්දික විරංජිත් තාඹුගල බීබීසි සිංහල සේවයට පැවසීය.

    කෝමාරිකා වගා ව්‍යාපෘතියට අදාළ වාර්තාවේ පෙර සඳහන් ඇස්තමේන්තු අගය වෙනස් කළ හේතුව ද අපි ඔහුගෙන් විමසීමු.

    ඊට හේතු දක්වමින්, ව්‍යාපෘතියේ පළමු අදියර ඩොලර් මිලියන 370ක් බවත්, සමස්ත ව්‍යාපෘතිය සඳහා වූ ඇස්තමේන්තුව ඩොලර් මිලියන 786ක් බවත් ඔහු කියා සිටියේ ය.

    ( Colomboxnews.com වාර්තාවක් උපුටාගෙන පළ කරන ලදී. )

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version