ඕස්ට්‍රේලියාව, පිලිපීනය සහ චීනය එක්ව දකුණු චීන මුහුදේ දී යුද අභ්‍යාසයක නිරත වී තිබෙන අතර එය ඕස්ට්‍රේලියාව සහ චීනය එක්ව සිදුකළ පළමු යුද අභ්‍යාසය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම යුද අභ්‍යාසය නිරීක්ෂණය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා ද එක් ව සිටි බව සඳහන් වේ.
මෙම යුද අභ්‍යාසය සඳහා ඕස්ට්‍රේලියාවේ සහ පිලිපීනයේ නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් ද එක් ව සිට ඇති අතර, සෙබළුන් 2,000 ඉක්මවූ පිරිසක් යුද අභ්‍යාසය සමඟ එක්වී තිබේ.
දකුණු චීන මුහුදේ ඇති පිලිපීන නෞකා වෙත ආහාර රැගෙන යන නෞකාවලට චීන වෙරළාරක්ෂකයන් ජල ප්‍රහාර එල්ල කරන බවට පිලිපීනය විසින් චීනයට චෝදනා කරන පසුබිමක පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව මෙම යුද අභ්‍යාසය පවත්වා ඇත්තේ පිලිපීනය සහ චීනය අතර දකුණු චීන මුහුද පිළිබඳ මතභේදයක් පවතින පසුබිමක වීම විශේෂත්වයකි.