‘පුද්ගල දත්ත’ ආරක්ෂා කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පිහිටුවන ලද අධිකාරියට සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු යොදා තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ‘පුද්ගල දත්ත’ ආරක්ෂා කිරීමේ සභාපති ලෙස අර්ජුන හේරත් ද , එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ජනනාත් ප්‍රනාන්දු, සුලක්ෂණ ජයවර්ධන, සෞම්‍ය අමරසේකර, ෂෙහාන් විජේතිලක, බිසර සෙනවිරත්න හා නිෂිත් අබේසූරිය ද පත් කර ඇති බව සදහන්.
තාක්ෂණික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ගේ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී වික්‍රමසිංහ මෙම පියවර ගෙන තිබෙන අතර ‘පුද්ගල දත්ත’ ආරක්ෂා කිරීමේ පනත 2022 වර්ෂයේ මුල භාගයේ සම්මත වුවත් වසරකට වැඩි කාලයක් ගත වූ පසුත් ක්‍රියාත්මක නොවීම නිසා මෙලෙස සභාපතිවරයෙකු හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
මෙම පනත මගින් ‘පුද්ගල දත්ත’ සුරක්ෂිත කරන අතර ‘පුද්ගල දත්ත’ වැරදි ලෙස පරිහරණය කරන අයට දඬුවම් පැමිණවීමේ බලය ද මෙම පනත යටතේ පිහිටුවන ‘පුද්ගල දත්ත’ ආරක්ෂණ අධිකාරියට හිමි වන අතර එම අධිකාරිය පිහිටුවීම, ඊට අයත් කාර්ය මණ්ඩලය තීන්දු කිරීම හා කාර්යාලය පවත්වාගෙන යාම යන කාරණා මෙම කමිටුව මගින් සකස් කරන බව වාර්තා වේ.















































