වැලිපැන්න , නවුත්තුඩුව , ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ පුත්‍රයෙකු විසින් වයෝවෘද්ධ පියාව ඝාතනයට ලක් කර පලා යන අවස්ථාවේදී ඊයේ (19) පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
පිය – පුතු අතර ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිඳු වන්නට ඇති බව පොල්සිය සැක පල කරයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳ ඊයේ (19) දහවල් නිවසට පැමිණි විට තම සැමියා මිය ගොස් ඇති බව දර්ශනය වී තිබූ අතර අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ.නමුත් පොලිසිය පැමිණෙන විට සැකකරු පලා ගොස් සිට ඇති අතර පසුව සැකකරු වැලිපැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව සඳහන්.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 73 හැවිරිදි වියේ පසු වූ අයෙක් වන අතර සැකකරු 32 හැවිරිදි වියේ පසු වූ අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මතුගම වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ ස්ථානයට පැමිණ මූලික මරණ පරීක්ෂණ සිඳු කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කළුතර නාගොඩ රෝහල වෙත යොමු කිරීමට නියෝග කළ බව වාර්තා වේ.














































