කැබ් රථයකින් කැස්බෑ පැටවුන් සිව් දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ (31) මානිප්පායි නගරයේදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
සැකකරුවන් ඉලවාලි සහ යාපනය ප්‍රදේශවල පදිංචි අවුරුදු 32 සහ 47 යන වයස්වල පසුවන්නන් වන අතර මොවුන් ඊයේ (31) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙන බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු මානිප්පායි පොලිසිය විසින් සිදු කරනු ලබයි .














































