ප්‍රබල භූ කම්පන තත්ත්වයන් හේතුවෙන් පීඩා විදි තුර්කීයේ ප්‍රදේශ කිහිපයකට ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන බවට වාර්තා වේ. එමෙන්ම මෙම ගංවතුරින් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
පෙර පැවති භූ කම්පන තත්ත්වයන් නිසා නිවාස අහිමි වී තාවකාලික ස්ථාන සහ කුඩාරම් තුල රැදී සිටි පිරිස ගංවතුර තත්ත්වයන් හමුවේ දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.














































