හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට එල්ල වී ඇති දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් අධිකරණයෙන් ඔහුට ඇප ලබා දී ඇති බව වාර්තා වේ.
ඇප ලබා දීමට අධිකරණය තීරණය කළේ, චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වෙද්දී, හිටපු අග්‍රාමාත්‍යවරයා අධිකරණයේ පෙනී සිටීවි යැයි විශ්වාසය පළ කරමිණි.
73 හැවිරිදි නවාස් ෂරීෆ් තෙවරක් පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇති බව සදහන්.
ඔහුට ධුරය අහිමි වූයේ 2017 වසරේ මහ මැතිවරණයෙන් පරාජය වීමෙන් පසුව බව වාර්තා වේ.
එම මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ වූයේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායක ඉම්රාන් ඛාන්ය.
පාකිස්තානයෙන් පිටවී වසර 4 ක්ලන්ඩන් නුවර ජීවත් වුණු නවාස් ෂරීෆ් පසුගිය සති අන්තයේ යළි පාකිස්තානයට පැමිණියේය. ඒ, පෞද්ගලික ගුවන් යානයකිනි.
පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ ජනවාරියේ පැවැත්වීමට නියමිත අතර නවාස් ෂරීෆ් ඊට සහභාගී වීමට නියමිත බව සදහන්.















































