පසුගියදා මීනගයා දුම්රියේ වැසිකිළියක් තුළ බිළිදෙකු දමා ගොස් තිබූ අතර එම බිළිදාගේ මව්පියන් සොයා ගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
වාර්තා වන ආකාරයට මෙම සිද්ධියට අදාළ නඩුව අද (17) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී අධිකරණය නියෝග කර ඇත්තේ මෙම යුවළ ඇප මත නිදහස් කරන ලෙසයි.එමෙන්ම බණ්ඩාරවෙල පරිවාස නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ දරුවාව මව්පියන් වෙත භාර දෙන ලෙසට අධිකරණය විසින් නියෝග කළ බව සදහන් වේ.
මෙම යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මෙම දෙදෙනාට ඇප ලබා දුන් පසුව ඔවුන් දෙදෙනා විවාහ කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.
 
	    	



























 
		    

















