සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වධය ලබා දීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.
අද (29) දහවල් බළංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් නිදහස කළ බව වාර්තා වේ.
සිදුවීම සම්බන්ධයෙන් සිසුන් 06 දෙනෙකු සහ එක් සිසුවියක් අත්අඩංගුවට ගෙන තිබුණි.














































