මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ සිවිල් භාරකාර දියවඩන නිළමේ ගරු තැන්පත් නිලංග දෑල් බණ්ඩාර මහතාගේ වැඩ තහනම් කර ඔහු විසින් මේ වන විට සිදු කර තිබෙන බවට ප්‍රකාශ කරන වංචා , දූෂණ , අක්‍රමිකතා ගැන සොයා බැලීමට ඉතා කෙටි කලකින් ප්‍රතිඵල ලැබෙන ජනාධිපති කොමිසමක් පත් කර මොහුගේ වැඩ තහනමකට ලක්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එසේ ඉල්ලා තිබෙන්නේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුත්තලම මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, සාහිත්‍ය කීර්ති , ශ්‍රී සුමන සරණංකර , ශාස්ත්‍රපති , පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමිපාණනන් වහන්සේ විසිනි.
උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මෑතකදී හෙළි දැක්වූ ” කපටි උපාසකයා ” පොතෙහි නිලංග දෑල දියවඩන නිළමේවරයාගේ දූෂණ වංචා ගැන හෙළි කර තිබෙන බවත් , ක්‍රිෂාන්ත හිස්සැල්ල නැමැත්තා කිසිදු වත්කමක් නොමැතිව සිටි පුද්ගලයෙකු බවත් , ඔහු මේ වන විට ප්‍රකෝටිපතියෙකු බවට පත්ව ඇත්තේ වසර 20 ක කාලයක් තුළ දියවඩන නිළමේවරයා සමඟ කළ වංචාවන්ගෙන් උපයා ගත් මුදල්වලින් බවත් , වර්තමානයේ දළදා මාළිගාව පූජනීය ස්ථානයක් නොව මාධ්‍ය මධ්‍යස්ථානයක් බවත් , නවීන උපකරණවලින් සමන්විතව සියගණනක් සේවකයන් රඳවා ගෙන මාධ්‍ය ඒකකයක් පවත්වාගෙන යන බවත් , දළදා පෙරහැර සජීව ආකාරයෙන් විකාශය කිරීම ක්‍රිෂාන්ත හිස්සැල්ල නැමැත්තා විසින් තහනම් කර ඇති බවත් ය.
එමෙන්ම දළදා මාළිගාවේ කෞතුකාගාරවල ඇති වටිනා රන් රිදී පූජා භාණ්ඩ මේ වන විට අතුරුදන්ව ඇති බවත් , ඒවායේ අනුරූ පමණක් මේ වන විට දක්නට ලැබෙන බවත් , දියවඩන නිළමේවරයා විසින් එම භාණ්ඩ අතුරුදන් කර ඇති බවත් නාහිමිපණන් වහන්සේ වැඩි දුරටත් අවධාරණය කර තිබේ .














































