- ආර්ථිකයට තාවකාලික මුක්කුවක් ගැසීමට ගත් ඊනියා තීරණය .
- අරගලකාරයෝ යනු ගෝඨාභයගේ මිනිස්සුද? රනිල්ගේ මිනිස්සුද?
- අරගලයට කොළඹ තරුණ බෞද්ධ සමිතියේ සම්බන්ධය කුමක්ද ?
- දේශපාලන ඩබල් ගේම් එකක්.
•ආර්ථිකයට තාවකාලික මුක්කුවක් ගැසීමට ගත් ඊනියා තීරණය .
අරගලය වෙලාවේ රටේ ජාතික සම්පත් ඩොලර් බිලියන 8 කට විකුණන්න ඊනියා (ආර්ථික ජාතික උපදේශක සභාව) විසින් එවක ජනාධිපතිවරයා වෙත යෝජනා කර තිබූ බව වාර්තා වේ.
මෙතෙක් රට පාලනය කළ බහුතර දේශපාලකයන්ගේ අකාර්යක්ෂම සහ අදක්ෂ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයත් ,දූෂණය සොරකම හා කොමිස් ගැසීමත් හේතුවෙන් කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තාවකාලික මුක්කුවක් ගැසීම පිණිස රාජ්‍ය සම්පත් ලෙස සැලකෙන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ,මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ,රත්මලාන ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් විකුණා දමා ඩොලර් බිලියන අටක් උපයා ගැනීමට කටයුතු කර තිබේ.
මෙම ක්‍රියාවට විරුද්ධව මහජන යුතුකම් කේන්ද්‍රයෙහි සාමාජිකයෝ දෙසීයක් පමණ එකතු වී පෝස්ටර් හත්දහසක් ගසා ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී බෙදන්නට උත්සාහ ගෙන තිබේ.
මෙහිදී එතන හිටපු ඊනියා අරගලකාරයෝ මේ පෝස්ටර් එක බෙදීමේදී
මරාගත්ත නැති එක විතරයි.
•අරගලකාරයෝ යනු ගෝඨාභයගේ මිනිස්සුද? රනිල්ගේ මිනිස්සුද ?
මොවුන් ගෝඨාභයගේ මිනිස්සු ද??? එහෙම නැත්නම් රනිල්ගේ මිනිස්සු ද ???? නැතහොත් වෙන යම් කණ්ඩායමක්ද යන වග බලවත් ප්‍රශ්නයකි.
එසේම කමිටුවේ ඉන්න එකෙක් උන්ට සල්ලි දීලා ද එහෙමත් නැත්තම් උන්ගේ ගෝලයෝ ද යන වග ප්‍රශ්ණයකි.
අරගලකාරයෝ අරගලයට ඇවිල්ලා සිටියේ රට ආරක්ෂා කරන්න කියලා අප තුළ මතයක් තිබුණමුත් සත්‍ය වශයෙන්ම අරගලකරුවන්ගේ සිත් තුළ තිබී ඇත්තේ වෙනයම් මතයකි.
අරගල කාරයෝ ජාතික සම්පත් විකුණුවාට තදින්ම කැමති වග අපට වැටහුණේ පෝස්ටර් එක බෙදා දීමේදී අරගලකරුවන් දැක්වූ ප්‍රචණ්ඩකාරී හැසිරීම නිසාය.
මෙලෙස පෝස්ටර් බෙදීමක් සිදු වූයේ නැත්තම් අපි තවමත් හිතන් ඉන්නේ අරගලකාරයෝ යනු අවංකව රට වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච මිනිස්සු යනුවෙනි.
උන්ට රටේ ජාතික සම්පත් විකුණුවාට කමක් නෑ සල්ලි වලට කඩේ ගිහිල්ලා දේශපාලන ඩබල් ගේම් වලට විකිණිච්ච ඇතැම් විට ගෝඨාභයගේ ඊනියා කමිටුවේ හිටපු කෙනෙක්ගේ ගෝලයෝ වෙන්න පුළුවන් බව අද වන විට සියල්ලන්ටම වැටහෙමින් පවතී.
• අරගලයට කොළඹ තරුණ බෞද්ධ සමිතියේ සම්බන්ධය කුමක්ද?
ඒකෙ ඉන්න මහමොළකරු කවුද?
රසික ජයකොඩි පැතුම් කර්නර්ගේ වැඩසටහන් පවා සංස්කරණය වුණේ තරුණ බෞද්ධ සමිති පරිශ්‍රය තුළද…..?
කොළඹ තරුණ බෞද්ධ සමිතිය 13 ට කැමති හේතුව කුමක්ද?
සුමන්තිරන් ශානික්කයන් 13 ට පක්ෂව එතන වැඩමුළු තැබීමේ අරමුණ කුමක්ද ?
එතකොට විමල්-උදය ඩිලාන් සහ දිලිත් ජයවීර යන මහතුන් කියන කතාව ඇත්ත වෙන්න පුළුවන් එනම් අරගලය කියන්නේ ඇතුළෙන්ම සිදුවෙච්ච ලොකුම කුමන්ත්‍රණයක් නේද?
•දේශපාලන ඩබල් ගේම් එකක්.
එතකොට දැන් gas පිපිරෙන්නේ නෑ නේද එදා කවුද propane බියුටේන් සංයුතිය වෙනස් කළේ හිටපු සභාපති කාගේ කවුද …?
අජිත් නිවාඩ් කබ්රාල් ගියපු ගුවන් යානය ආපසු හරවල ගෙන්නගෙන රුපියල පා කරේ කවුද ?
උන්ඩියල් හොඳයි කිව්ව කෙනා කවුද ?
එදා වගේ juliya chang පැයෙන් පැයට twiter මැසේජ් දාන්නෙ නෑ නේද ?
රටේ ඉන්න මහ එවුන් ඇතුළෙන්ම ගේම ගහද්දි මේවා දන්න ආරක්ෂක අංශ අයවලුත් නිහඬව සිටියා වෙන්න බැරිද?
නිව් ෆෝට්‍රස් එනජි සමාගම සමග මධ්‍යම රාත්‍රීයේ දී සැමට හොර රහසේ බැසිල් රාජපක්ෂ විසින් අත්සන් කිරීමට යෙදුණු ගිවිසුම 2022.03.15 ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක කෙටි කාලීන ණයක් ලබා ගැනීමට අත්සන් කළ රහස් ගිවිසුම් හත මින් පෙර අත්සන් කරන ලද එවැනි ගිවිසුම් වේ.
මේ ගිවිසුම්වල අන්තර්ගත ජනතාවගෙන් පමණක් නොව කැබිනට් මණ්ඩලයෙන්ද වසන් කොට ඒවා තමන්ගේ තනි කැමැත්ත මත අත්සන් කරමින් ජාතික සම්පත් හා ජාතික ආරක්ෂාව විදේශයන්ට පාවා දීමට රාජපක්ෂවරුන් විසින් කටයුතු කරන ලද ආකාරය සැබැවින්ම පිළිකුල් සහගතය.
පාලකයන්ගේ අකාර්යක්ෂම ආණ්ඩුකරණය හේතුවෙන් හිගමනට වැටුණු ලාංකික ජනතාවගේ ආවේගාත්මක අරගලය හමුවේ ගොළුව සිටින පාලකයන් ජනතාවට තාවකාලික සැනසීමක් ලබා දීම පිණිස ,ජාතික සම්පත් විකුණා මාස කිහිපයකට ප්‍රමාණවත් කෑම බීම සම්පාදනයකට සූදානම් වේ.එයත් කා බී අවසන් කළ පසු කුමක් කන්නේද ?කුමක් විකුණන්නේද?කෙසේ ජීවත් වන්නේද?
කැඳවුම්කරු
මහජන යුතුකම් කේන්ද්‍රය.