English
සිංහල
08:18 සෙනසුරාදා, සැප්තැම්බර් 20, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බස්නායක නිළමේ මහේන්ද්‍ර රත්වත්තේගෙන් NGO එකට චෝදනා.

    publisher 3 by publisher 3
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සතුන් මරා මස් බුදින ඇතැම් NGO නඩ  ඇසල පෙරහැරේ දම්වැල්  දමා ගෙන යන අලිඇතුන් ගැන කතා කරන්නේ අපේ සංස්කෘතික උරුමයන් විනාශ කරන්නයි මහනුවර ශ්‍රී මහා විශ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන්ද්‍ර රත්වත්තේ !!

    • දෙසීයක  හිලෑ අලිඇතුන් සංචිතයක් හැදුණොත් පෙරහැර අලි ගැටලුවට සාර්ථක විසඳුමක් ලැබෙනවා !
    • අලි ඇතුන් භාර දිය යුත්තේ එම සතුන් හොදින් රැක බලා ගත හැකි වෙහෙර විහාරස්ථාන වලට හා දේවාල වලටයි!

    ලෝකයේම ගෞරවාදරයට පාත්‍ර වී ඇති කන්ද උඩරට  ඇසළ පෙරහැර මංගල්‍යය  සාර්ථකව පැවැත්වීම සදහා අවම වශයෙන් හීලෑ අලි ඇතුන් 75ක පමණ ප්‍රමාණයක් පෙරහැරට එක්කර යුතු අතර ඒ වෙනුවෙන් 200ක පමණ  හීලෑ අලිඇතුන් සංචිතයක් පවත්වා ගෙන යෑමෙන් පෙරහැරේ අලි ගැටලුවට සාර්ථක විසදුමක් ලබාදිය හැකි බව මහනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා පවසයි.

    ශ්‍රී දළදා මාළිගාව ප්‍රමුඛ සතර මහා දේවාල හා රටපුරා පිහිටි පෞරාණික විහාරස්ථාන , දේවාල වලට අලි ඇතුන් ලබා දී එවැනි සංචිතයක් පවත්වාගෙන යන්නේ නම් විලංගු දම්වැල් නොදමා එම සතුන්ට කිසිදු  හානියක් සිදු නොකර පෙරහැර කාටයුතු වලට සහභාගී කරවීමට  හැකි බවද ඒ මහතා පවසයි.

    කන්ද උඩරට ඇසළ මංගල්‍යයත් සමගම සුපුරුදු පරිදි මතුවන හීලෑ අලි ඇතුන් හිඟය පිළිබඳව මාධ්‍යවේදීන්   බස්නායක නිළමේ මහේන්ද්‍ර  රත්වත්තේ මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහේන්ද්‍ර රත්වත්තේ මහතා පැවසූයේ දළදා මාළිගාව ,මහනුවර  සතර මහා  දේවාලවලට මෙන්ම  මහ සමන් දේවාල‍ය ,කතරගම දේවාලය ඇතුළු අලිඇතුන් හොදින් රැකබලා ගැනීමේ හැකියාව ඇති පෞරාණික විහාරස්ථාන වලට හා දේවාල වලට රජය මගින් අලිඇතුන් ලබාදීම තුලින් මෙම ගැටලුව පහසුවෙන් විසදිය හැකි බව තමන් මේ පිළිබඳව සිදු කළ අධ්‍යයනයකින් හඳුනා ගත් බවයි .

    මෙමගින් රජයට විශාල මුදලක් රජයට ඉතිරිකර ගත හැකි බවද,එසේ ලබාදෙන අලි ඇතුන් සුපරික්ෂාකාරීව රැක බලාගත හැකි  අතර එම කටයුතු  අධීක්ෂණය සදහා වනජිවී දෙපාර්තමේන්තුවේ විශේෂ අධීක්ෂණ කණඩායමක් පත් කළයුතු බවද ඒ මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වූ මහේන්ද්‍ර රත්වත්තේ මහතා පවසන්නේ  මෙවරද ඇසළ පෙරහැර මංගල්‍යයේ දී අලිඇතුන් හිඟය මතුවන බවත් ගෙවුණු  වසර තුළ  ඇසල පෙරහැරේ ගමන් කළ අලි ඇතුන් තිදෙනෙකු මියයාම නිසා එම හිඟය දැනටමත් මතුවී ඇති බවයි. හීලෑ අලි ඇතුන් හිඟය තිබුණද ඇසල පෙරහැර මංගල්‍යය   සාර්ථකව පැවැත්වීම සදහා ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා ඇතුළු ඇසල පෙරහැර භාරය  දැනටමත් අවශ්‍ය  විසදුම් ලබා දී තිබෙන බවද ඒ මහතා පවසයි.

    “වසර 3 කට වරක් යෙදෙන නැකත් අනුව කතරගම ශ්‍රී මහා දේවාලයේ , දෙවුන්දර විශ්ණු  මහා දේවාලයේ හා ඇසළ පෙරහැර යන වැදගත් පෙරහැර තුනක්   එකවර යෙදෙනව. එවැනි වසරකදී මෙම අලි ඇතුන් හිඟය උග්‍ර ලෙස දැනෙන අතර ඊට සුදුසුම විසඳුම අලි ඇතුන්  සංචිතයක් පවත්වාගෙන යෑමයි. ශ්‍රී දළදා මාළිගාවට  අලි ඇතුන් 30ක් ද මහනුවර ශ්‍රී  විෂ්ණු මහා දේවාලයට අලිඇතුන්  15 ක් ද  බැගින්ද නාථ ,කතරගම හා පත්තිනි දේවාල වලට අලි ඇතුන් 10 බැගින් අලි ඇතුන් අවශ්‍ය වන බවත් අලංකාර ලෙස හා ගාම්භීර ලෙස ඇසල මංගල්‍යය  පෙරහැර පැවැත්වීමට අවම වශයෙන්  අලිඇතුන් 75ක් පමණ  සහභාගීකරවීමට සිදුවනවා. පින්නවල සිටින අලිඇතුන් පෙරහැර මංගල්‍යය වල ගමන් කරවීම සදහා පුහුණු කිරීමට හැකි බව මා පුද්ගලිකව දන්නා දෙයක්. මීට වසර 5කට පෙර මහනුවර විෂ්ණුමහා දේවාලය හා පින්නවල ඇත් සුරැකුම් මධ්‍යස්ථානය එක්වී අලි හතර දෙනෙකු පෙරහැරට පුහුණු කළා. සෑම වසරකම එහි අලි ඇතුන් තිදෙනෙකු පෙරහැරට සහභාගී කරවනවා. එම ප්‍රමාණය 10 දක්වා වැඩි කර පුහුණු කරන්නේ නම් එය මෙම කටයුත්තේදී විශාල පහසුවක් වනවා.”යැයිද මහේන්ද්‍ර රත්වත්තේ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවැසීය .

    අලි ඇතුන් පෙරහැර මංගල්‍යයට සහභාගී කරවීමේදී සත්ව හිංසනයන් සිදු වන බවට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කරන චෝදනා සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් මහේන්ද්‍ර රත්වත්තේ මහතාගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු දුන් ඒ මහතා මෙසේ පැවැසීය .

    “අපේ බුදුදහමයි සංස්කෘතියයි සියවස් ගණනාවක්  පුරා අලි ඇතුන් සමඟ බැදී තිබෙනවා.බෝධි සත්ව උපතේ සිට බුද්ධත්වය දක්වා ලියවුණු  බෝධිසත්ව සංකල්පය මුල සිටිම අලියා සමඟ බැඳී තිබෙන බව කවුරුත් දන්නා දෙයක් .අපි පමණක් නොව ආසියානු සමාජයේ බහුතරයක් අලි ඇතුන්ට  දේවත්වයෙන් සළකනවා . ඇතැම්  අවස්ථාවලදි අලිඇතුන්ට සුළු සුළු හිරිහැර වුවද බොහෝ අලි ඇතුන්  භාරකරුවන් එම සතුන් තම දරුවෙකු සේම රැකබලාගන්නා බව මම  හොදින්ම දන්නවා. සත්ව හිංසනය ගැන කිඹුල් කදුළු හෙලන ඇතැම් රාජ්‍ය නොවන සංවිධානය මේ කරුණු  කිසිවක්  අධ්‍යනය නොකර මේ ගැන වැරදි මතයක් සමාජ ගත කිරීම අපේ වටිනා  සංස්කෘතිය  විනාශ කිරීමට ගන්නා උත්සාහයක්  බවයි මගේ හැඟීම.

    සත්ව හිංසනයට විරුද්ධ සැබෑ පිරිසක් ශ්‍රීලංකාවේ මෙන්ම  ලෝකයේ සෑම රටකම සිටිනවා. මස් මාළු නොකන කිසිම සතෙකුට  කිසිදු හිංසාවක්  සිදු නොකරන ඒ පිරිස සෑබෑ සත්ත්ව හිතවාදීන්. මමත් ඔවුන්ට  ගරු කරනවා . පසුගිය දා ලංකාවේ ඇතිවූ අරගලයේ සිදු වූ අයුරින් සත්ව හිංසන ගැන කතා කරන NGO   මේ කරණයේදී සිදු කරමින් සිටින්නේ  සැබෑ ලෙස සතුන්ට දයාව දක්වන පිරිස පසෙකට දමා අපේ සංස්කෘතික විනාශ කිරීමේ පටු අරමුණු වලින් කටයුතු කරන NGO  නඩ වල වැරදි මත සමාජ ගත කිරීමයි.

    ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන වල  කුකුළ් මස් කන   අය මස් පිඟානක රස බලමින් සත්ව හිංසන ගැන කතා කරනවා. මේ අයට කුකුළන් හරක්, මාලු, මරණ එක ප්‍රශ්නයක් නෙමේ. අශ්වයන්ට ලාඩම් ගසා ඔවුන්ව හමුදා වලට යොදාගෙන එංගලන්තෙ රජ පවුලට සේවය කිරිමට යොදා ගැනීම ඔවුන් හෙළා දකින්නෑ නැහැ  ,මේ පිරිස අරාබීයේ ඔටුවන්ට කරන හානිය, ස්පාඤ්ඤයේ කුළු හරකුන්ට කරන හානිය කිසිදු ලෙස හෙළා දකිනවා මා දැක නැහැ . ඔවුන්ට ලොකුම ගැටළුව වෙලා තියෙන්නෙ අපේ රටේ  අලියෙකුට දම්වැලක් දාගෙන යන එකයි. අපේ සංස්කෘතික උරුමයක් වන මේ අලිඇතුන් පෙරහැරේ ගෙන යාම මොවුන්ට ගැටළුවක් වී ඇත්තේ අපේ සංස්කෘතිය විනාශ කිරීමට බව මේවන විට හෙළිදරව් වී තියෙනවා”.

    සරත් සමරනායක.

    Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version