මීගමුව පොලීසියට වාර්තා නොවූ පැමිණිල්ලක් වාර්තා වූ පැමිණිල්ලක් බවට සටහන් කර ඊට අදාළ කූඨ ලේඛන සකස් කර කාන්තාවකට පැමිණිලි පිටපත් 4 ක් නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුට සහ සිවිල් ආරක්ෂක භට කාන්තාවකට එරෙහිව මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ .
පොලිස් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ මීගමුව මුලස්ථාන පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.
වාර්තා වන ආකාරයට මීගමුව , මුන්නක්කරය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මොවුන් මෙම ව්‍යාජ පැමිණිල්ල සටහන් කර පිටපත් ලබා දී ඇති අතර පොලීසියේ පැමිණිලි සටහන් පොත් පරික්ෂා කිරීමේදී මෙම වංචාව හෙළිව තිබේ .














































